ඉෂාර ඇතුළු හයදෙනාගේ විමර්ශන පොලිස් කණ්ඩායම් තුනකට පැවරෙයි!

Date:

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු අපරාධකරුවන් හය දෙනාගෙන් මේවන විට පොලිස් කණ්ඩායම් තුනක් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වෙයි.

පසුගියදා නේපාලයේදී මෙරට පොලිස් කණ්ඩායමක් එරට පොලීසිය සමඟ එක්ව සිදුකළ විශේෂ මෙහෙයමුකදී ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන් ඊයේ ශ්‍රීලංකන් ගුවන් යානයකින් මෙරටට රැගෙන ආවේය.

සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ මූලිකත්වයෙන් එම මෙහෙයුම සිදුව තිබුණු අතර මෙරටට රැගෙන එන ලද ඉෂාරා සෙව්වන්දි ඇතුළු හය දෙනා විශේෂ ආරක්ෂාවක් යටතේ පොලිස් කණ්ඩායම් කිහිපයක් වෙත භාර දී තිබේ.

ඒ අනුව ඉෂාරා සෙව්වන්දි, ඩුප්ලිකේට් ඉෂාරා හෙවත් තක්ෂි, ජේ.කේ. බායි නැමැත්තා හා ජැෆ්නා සුරේෂ් නැමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදී ඇති අතර ගම්පහ බබා නැමැත්තා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයටත් නුගේගොඩ බබී නැමැත්තා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට භාරදී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Kohli සහ Anushka ගේ සිහින විමානෙන් එහා ලෝකයට…

රෂිකා හෙන්නායක ජනවාරි 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රසිද්ධ ක්‍රිකට්...

රාජු බණ්ඩාර: සංගීතඥයෙකු, ගායකයෙකු සහ නළුවෙකු වූ සුප්‍රකට වාදකයාගේ අප්‍රකට තොරතුරු

"ඔහුට තිබුණා ගායකයෙකුට පිහිටන දුර්ලභ විශේෂත්වයක්. ඒ, අව්‍යාජ ළයාන්විත...

Deadpool, Loki සහ Thor වැනි මාර්වල් ලෝකයේ තවත් වීරයන් ඇතුළත් 2026 Avengers නිල පෝස්ටරය Marvel Studios එලිදක්වයි!

සටහන – පුලී ජනවාරි 17, කොළඹ (LNW): මාර්වල් ස්ටූඩියෝස් 2026...

ග්‍රීන්ලන්තයේ සුන්දරත්වය මොහොතක් විඳගමුද?

රෂිකා හෙන්නායක ජනවාරි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෙම මූලාශ්‍රය...