ජනාධිපති කාර්යාලය ඉදිරිපිට භික්ෂු විරෝධතාවය තවදුරටත් (VIDEO)

සිරදඬුවම් විඳිමින් සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින් ජනාධිපති ලේකම් කාර්යාලය අසළ ඊයේ (15) පස්වරුවේ විරෝධතාවක් ආරම්භ කළ භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් මේ වනවිටත් එම ස්ථානයේ රැඳී සිටිති.

මහනුවර සිට දින හයක් තිස්සේ පාගමනින් කොළඹට පැමිණි මෙම භික්ෂූන් වහන්සේලා ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණි අතර උන්වහන්සේලාව හමුවීමට ජනාධිපති ලේකම් සනත් නන්දික කුමානායක මහතා ද පිටතට පැමිණියේය. එහිදී භික්ෂූන් වහන්සේලා ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා තිබුණේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබාදුන් ජනාධිපති සමාවේ ඇති බව කියන තාක්ෂණික දෝෂය නිවැරදි කර දෙන ලෙස ය.

ඒ පිළිබඳ තීරණයක් ගැනීම සඳහා මාසයක කාලයක් ලබාදෙන ලෙස ජනාධිපති ලේකම්වරයා දැනුම් දී තිබූ අතර එය පිළිගැනීමට නොහැකි බව පවසමින් භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස ඊයේ රාත්‍රිය පුරා එම ස්ථානයේ රැඳී සිටිමින් අඛණ්ඩව විරෝධය පළ කළහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 16) දිනයේදී දිවයිනේ බොහෝ...

අවුරුද්දෙන් දෙකෙන් ඔක්කොම කරන්න බෑ, මේ ආණ්ඩුව අවුරුදු 10ක්වත් ඉන්න ඕනෙ – දිට්වා පැටළුණු ඇමති TB

බලයට පැමිණ වසර දෙකක් ගතවෙද්දී පොරොන්දු ඉටු කළාදැයි ඇතැමුන්...

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කූඩාරමක් ඉදිකිරීමට යාමේදී උණුසුම් තත්වයක්

සිරදඬුවම් විඳිමින් සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස...

ඥානසාර හිමි නිදහස් කරන ඉල්ලීම ගැන තීරණයකට ජනාධිපති ලේකම් මාසයක් කල් ඉල්ලයි

බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින්...