ලොකු පැටී නමැති පාතාල නායකයාගේ ප්රධාන වෙඩික්කරු බව පැවසෙන අල්මේදා නමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපතිවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මීට පෙර ද මෙම සිද්ධියට අදාළව ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුව අත් අඩංගුවට ගෙන තිබිණි.
කොන්ක්රීට් කණුවක බැඳ ගිං ගඟට දමා තිබූ පුද්ගල මළ සිරුරක් පසුගිය ජුනි 23 වනදා පෝද්දල පොලීසියට හමුවී තිබුණු අතර පසුව එය ලොකු පැටී නමැති පාතාල නායකයාගේ ප්රධාන වෙඩික්කරු වූ විරාජ් රෂ්මික ද සොයිසා හෙවත් අල්මේදා නමැත්තාගේ බව අනාවරණය වී තිබිණි. මරණ පරීක්ෂණයේදී හෙළිවී තිබුණේ ඔහුව තියුණු ආයුධයකින් ගෙලට පහරදීමෙන් ඝාතනය කර ඇති බවයි.


