කොළඹ LNW:ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා මේ වන විට කොළඹ මහේස්ත්රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබේ.
අදාළ නඩුව අද (16) කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවීමට නියමිතයි.
මේ අතර ඊයේ (15) දිනයේදී මෙම නඩුවට අදාළව ව්යාපාරිකයෙක් අධිකරණයට දැනුම් දී තිබුණේ ක්රිෂ් ගණුදෙනුවේ සිදුව ඇති මහා පරිමාණ මූල්ය වංචා හෙළි කරගැනීමට අවශ්ය ඕනෑම මොහොතක සහය දෙන බවයි.


