ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට භික්ෂු විරෝධයට අධිකරණයෙන් තහනම් නියෝගයක්!

ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:අධිකරණයට අපහාස කිරීමේ වරදට සිරදඬුවම් ලබා සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට ජනාධිපති සමාව ඉල්ලා භික්ෂුන් වහන්සේලා විසින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ අකර තිබෙන විරෝධයට අධිකරණ නියෝගයක් ලබාගෙන තිබේ.

ඒ අනුව එම විරෝධතාවේ සිටින පූජ්‍ය උලපනේ සුමංගල ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා 39 දෙනෙකුට සහ උදය ගම්මන්පිල ඇතුළු දේශපාලනඥයන් 11 දෙනෙකු ඇතුළු 59 දෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාලය පරිශ්‍රයේ රැඳී සිටීම අධිකරණය විසින් තහනම් කර ඇත.

එම අධිකරණ නියෝගය නිකුත් කර ඇත්තේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසිනි.

සිරදඬුවම් විඳිමින් සිටින ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ව නිදහස් කරන ලෙස ඉල්ලමින් මහනුවර සිට දින හයක් තිස්සේ පාගමනින් කොළඹට පැමිණි භික්ෂූන් වහන්සේලා පිරිසක් ඊයේ පස්වරුවේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවක් පවත්වමින් සිටිති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙළ ගීත කලාවේ අමරණීය ‘ස්වර්ණ කිකිණි රාවය’ ප්‍රවීන ගේය පද රචක සෝමපාල ලීලානන්දයන් දිවි සැරිය නිම කරයි

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලාංකේය සිනමාවටත්, ගීත සාහිත්‍යයටත් සිය...

ලොකු පැටීගේ ප්‍රධාන වෙඩික්කරු ඝාතනය : ගාල්ල අපරාධ කොට්ඨාසයේ හිටපු OIC අත්අඩංගුවට !

ලොකු පැටී නමැති පාතාල නායකයාගේ ප්‍රධාන වෙඩික්කරු බව පැවසෙන...

නාමල් සහ ජානකී යළි රිමාන්ඩ්!

කොළඹ LNW:ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින...