පාකිස්ථානය ලෝකයේ භයානකම රටවලින් එකක් – ජෝ බයිඩන්

Date:

කැලිෆෝනියාවේ ඩිමොක්‍රටික් පක්ෂ අරමුදල් රැස්කිරීමක් අතරතුර එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය ගැන කතා කරමින් සිටි බයිඩන් විසින් ලෝකයේ භයානකම රටවලින් එකක් ලෙස පාකිස්ථානය හඳුන්වා දී ඇත.

ජනාධිපතිවරයා මෙලෙස ප්‍රකාශ කිරීමට හේතු වූයේ එක්සත් ජනපදය විසින් ඇෆ්ගනිස්ථානයේ දශක දෙකක යුද්ධයක් අවසන් කළ පසු පකිස්ථානය තීරනාත්මක සැපයුම්කරුවකු වශයෙන් සිට ඉස්ලාමාබාද්හි බලගතු මිලිටරි සහ බුද්ධි උපකරණ තලිබාන් සංවිධානයට ලබාදීම හේතුවෙන් ඇමරිකන් හමුදා ඉවත් වීමෙන් අනතුරුව ත්‍රස්තවාදී සංවිධාන නැවත බලවත් වීමයි.

එමෙන්ම පාකිස්ථානය සතු න්‍යෂ්ටික අවි කිසිදු එකමුතුවකින් තොරව පවත්වා ගැනීමත් ජනාධිපති බයිඩන්ගේ චෝදනාවට විය.

මෙම කරුණු ප්‍රචාරය වීමත් සමඟ පාකිස්තානය එක්සත් ජනපද තානාපති ඩොනල්ඩ් බ්ලෝම් ඉස්ලාමාබාද්හි විදේශ කාර්යාලයට කැඳවා පාකිස්ථානු අගමැති සමඟ සාකච්ජා පැවැත්වූ බව පකිස්ථාන විදේශ ඇමති බිලාවල් භූතෝ සර්දාරි කරච්චි හි පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබිණි.

බයිඩන්ගේ ප්‍රකාශය පිළිබඳව පාකිස්ථානයේ අගමැති ෂෙබාස් ෂරීෆ් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ පකිස්ථානය වගකිවයුතු න්‍යෂ්ටික රාජ්‍යයක් බවයි. එමෙන් ම බයිඩන්ගේ ප්‍රකාශය වැරදි වැටහීමක් බවත් ඔහු තවදුරටත් එහි සඳහන් කර තිබිණ.

මේ වන විට බීජින් විසින් ගොඩ නගන ආර්ථික කොරිඩොව හේතුවෙන් චීනය හා පාකිස්ථානය අතර පවතින සමීප සබඳතාවය එක්සත් ජනපදය විසින් නොඉවසන තත්වයක් ඇතිව තිබේ. මේ සම්බන්ධයෙන් වොෂින්ටනය ප්‍රකාශ කර තිබුණේ චීනය විසින් බොහෝ ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීමට සාපේක්ෂව පාකිස්ථානය දරාගත නොහැකි ණය උගුලක සිරවෙමින් සිටින බවයි. එක්සත් ජනපදයේ මෙම අනතුරු ඇඟවීම් පකිස්ථානය විසින් නැවත නැවතත් පසෙකට දමා ඇත. මේත් සමඟ දෙරට අතර හොඳ හිත පළුදු වෙමින් ඇත.

සශිකලා මධුෂාණී_අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...