කඳානේ වෙඩි තැබීමක්! සැකකරුවකු මියයයි

0
283

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අංගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49ක් පමණ වූ අයෙක් වෙඩි ප්‍රහාරයකින් මියගොස් ඇත.

ඒ කඳාන පොලිස් වසමේ පොල්පිතිමූකලාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරු බවයි පොලිසිය පවසන්නේ.

අදාළ සැකකරු සපුගස්කන්ද ප්‍රදේශයේ නිවසක සිටින බවට ලැබුණු තොරතුරකට අනුව, පොලිසිය එම නිවස සොයා පැමිණ අවස්ථාවේ, සැකකරු පොලිසිය දෙසට වෙඩි තබා ඇති අතර, ප්‍රතිප්‍රහාර හමුවේ ඔහු මියගිය බව පොලිසිය සඳහන් කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??