පිටරට යුද්ධයෙන් හරි රට වැටෙනකල් පිරිසක් බලා ඉන්නවා – මනූෂ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා ආර්ථිකය ඊශ්‍රායල, පලස්තීනන යුද්ධයෙන් හෝ රට කඩා වැටෙනතුරු බොහෝ දේශපාලනික ආත්මාර්ථකාමීන් පිරිසක් සතුටින් බලා සිටිනා බව ,මාධ්‍ය හමුවකට එක්වෙමින්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා කියා සිටියේ , එවැනි පිරිසක් ඉන්න රටක දේශපාලන සාක්ෂරතාවය ඉහළ දමන්නේ නැතුව රට ගොඩ ගන්නට බැරි බවයි.

ඊශ්‍රායල, පලස්තීනන යුද්ධයේ බලපෑමත් සමඟ ලංකාවේ ආර්ථිකය කඩා වැටී ආණ්ඩුව කරගෙන යන්න බැරිවෙන තුරු ඒ පිරිස බලා සිටින බවත්, අහක යන මිසයිලයක් වැටී හෝ ආණ්ඩුව කුඩුපට්ටම් වීම ඔවුන්ගේ අභිලාසය බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මනුෂ නානායක්කාර මහතා වැඩි දුරටත් සඳහන් කළේ, රනිල් වික්‍රමසිංහට රට කරන්න බැරි වෙනවා නම් එය ඔවුන්ගේ ජයග්‍රහණය බව හිතෙන තරමට පහත් තත්වයට මේ කණ්ඩායමේ මානසිකත්වය ඇද වැටී තිබෙන බවයි.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IFS ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ අතට සහ පපුවට

නිශ්මං රණසිංහ ජනවාරි 20, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ...

ශරීරයේ බර ප්‍රශ්නයක්ද? මෙන්න බර අඩු කරගැනීමේ රහස්~

රෂිකා හෙන්නායක ජනවාරි 20, කොළඹ LNW : කෙටි කාලයක් තුළ...

විලාසිතා කලාවේ ඉටෑලියන් පුරාවෘත්තයක් මෙසේ නිමා විය – Valentino Garavani

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): ලොව වඩාත්ම ආකර්ෂණීය...

ශ්‍රී ලංකාවට ප්‍රබල භූතානයෙන් ගෝල පහක්

නිශ්මං රණසිංහ ජනවාරි 20, කොළඹ LNW: දකුණු ආසියානු ෆුට්සාල් තරගාවලියේ...