වසර 14කට පසුව මහපොළ අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශනයක් !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වසර 14කට පසුව මහපොළ අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශනය ලබන දෙසැම්බර් මාසයේ ජා ඇළ නගරසභා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

එම ප්‍රදර්ශන දෙසැම්බර් 13 වැනිදා සිට 17 දක්වා පැවැත්වීමට නියමිත අතර, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ජා ඇළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාකච්ඡාවක් පැවති අතර එහිදී රාජ්‍ය ආයතන එක්ව ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.

එමෙන්ම පාසල් සිසු සිසුවියන් සඳහා විෂයානුබද්ධ හා ප්‍රායෝගික විශේෂ සම්මන්ත්‍රණ රාශියක් මෙන්ම, ව්‍යවසායකයින් හා අපනයන වෙළෙදපොල වෙත යාමට අපේක්ෂාවෙන් සිටින ව්‍යවසායකයින් වෙනුවෙන් වෙළෙඳ අමාත්‍යංශය යටතේ පවතින ආයතනවල තොරතුරු ද මෙමඟින් ලබා ගත හැකි බවද පැවසේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...