*
Thursday, October 17, 2024
spot_img

Latest Posts

මාලිමාවයි ජ.වි.පෙ.යි යනු දෙකක්ද ? නැත්නම් එකක්මද ?

ජාතිකවාදයකට බර වාමවාදී දර්ශනයකින් ලංකාවේ ආර්ථික අර්බූදය ගොඩදාගත හැකි යැයි මම විස්වාස නොකරමි. නමුත් ජ.වි.පෙ. දර්ශනයට, භාවිතාවට හොරකම, දූෂණය, වංචාව නැමති ජාතික ව්‍යාසනය නැතිකර දැමිය හැකි වෙනම ගුණයක් ඇතැයි මම විස්වාස කරමි..

මොකද, ජ.වි.පෙ. නිර්මාණය වෙලා තියෙන්නෙම “වඩා යහපත් ලෝකයක්, සාධාරණ සමාජයක්” යන සිහිනය යතාවක් කරගැනීම උදෙසා සතේක ප්‍රතිලාබයක් නොලබා මුළු ජීවිත කාලයම උනත් ඔහේ බලන් ඉන්න පුලුවන් එක්තරා දැඩි ප්‍රතිපත්තියක් රකින මිනිස්සු කොටසකගෙන් නිසා..

උදාහරණයක් විදියට පෙරටුගාමී ව්‍යාපාරය ගන්ට පුලුවන් .. (දැන් ව්‍යාපාර දෙකක් ලෙස තිබුනත් ජ.වි.පෙ. සහ පෙරටුගාමීන් කියන්නෙ කලින් එකට තිබිල දෙකට කැඩුන සහෝදර සංවිධාන දෙකක්.. ) පෙරටුගාමීන්ට මේ පාර තිබ්බෙ ඡන්ද එකොලොස් දාහයි.. පේනතෙක් මානයක රාජ්‍ය බලය ගන්ට බෑ කියන එක ඒකේ ඉන්න හැම කෙනෙක්ම දන්නවා.. හැබැයි ඒකේ ඉන්න හැම කෙනාටම පුළුවන් ස්වකීය අරමුණු වෙනුවෙන් තඹේක ප්‍රතිලාබයක් නැතිව මුළු ජීවිත කාලයම උනත් දියකර කර බලන් ඉන්න..

ඒ අයගේ දේශපාලන භාවිතාව ඇතුලේ පවුල්වාදය කියන පිළිකාව හැදෙන්ට විදියක් නෑ… මොකද විජේවීර ගත්තත් ටිල්වින් ගත්තත් කුමාර් ගුණරත්න ගත්තත් ඒ අයගේ දේශපාලන භූමිකාව ඇතුලේ තියෙන්නේ පට්ට කට්ටක්..මෙතනදි ආදරනීය පියෙක් තමන්ගේ දරුවෙකුට ඒවගේ දුෂ්කර උරුමයක් දෙන්ට පෙළඹෙනවා හරි අඩුයි, දරුවෝ ඒ උරුමය ගන්ට එනවත් අඩුයි..

නමුත් එළියෙ සමාජයේ සහ එළියේ තියෙන දේශපාලන ව්‍යාපාර තුල තනතුරු වලට , බලයට, ධනයට, ලාබ සත්කාර වලට තියෙන කෑදර බව, කුළල්කාගැනීම අඩු නැතිව තියෙනවා ..

මෙතනදි මාළිමාව කියන්නෙ ජ.වි.පෙ.ට එළියේ සමාජයට යන්ට හදාගත්ත බහුජන පෙරමුණ .. ඒක ඇතුලෙත් තනතුරු, ලාබ සත්කාරවලට තියෙන නැඹුරුව, ගිජුබව, ප්‍රතිපත්තියක් නැතිකම සහ පුද්ගල අවස්තාවාදය එළියේ සමාජයේ වගේම තියෙනවා ..

මෙතනදි ජ.වි.පෙ. දුර්වල වෙලා මාළිමාව ඉස්සරහට ආවොත් යහපාලන ආන්ඩුවට වෙච්ච දේම මේ ආන්ඩුවටත් වෙන්න පුළුවන් .. ආන්ඩුව හොරු අල්ලන්ට කලින් හොරු ආන්ඩුව අල්ලන්ට පුළුවන් … එළියේ සමාජයේ තියෙන ඥාති සංග්‍රහ, තනතුරු සඳහා හැදෙන බලු පොරය මේක ඇතුලටත් අඩු නැතිව කාන්දුවෙන්න පුලුවන් ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan