*
Thursday, October 17, 2024
spot_img

Latest Posts

රනිල් විශේෂ ප්‍රකාශයෙන් කියන්න යන දේ කලින්ම මෙන්න !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) දිනයේදී විශේෂ ප්‍රකාශයක් කරන්න නියමිතයි.

ඒ විශේෂ ප්‍රකාශය ඒ මහතාගේ ලේකම්වරුන්ගේ සහායත් ඇතිව සකස් කරලා, අද දහවල් වනවිට පටිගත කෙරෙනවා කියලා තමයි ආරංචි.

මේ පාර මහමැතිවරණයට තමන් ඉදිරිපත් නොවෙන බවත් ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තු නොයන බවත් දැනුම් දීලා ඉන්න රනිල් වික්‍රමසිංහ මහතා මේ මොහොතේ විශේෂ ප්‍රකාශයක් කරමින් අල්ලන්න හදන දේශපාලන අඩව්ව මොකක්ද කියන එක ගැන දේශපාලන ක්ෂේත්‍රයේ බහුතරයක් දෙනා අවධානයෙන් ඉන්නේ.

ඉතින් අපට ආරංචි වෙන විදියට නම් රනිල්ගේ අද ප්‍රකාශයේ අන්තර්ගතය මෙහෙමයි ….

පහුගිය අවුරුදු 76ක් තිස්සේ මේ රටේ ආණ්ඩු අරගත්තු රුපියල් ණය ප්‍රමාණය එක්ක සංසන්දනය කරද්දී ජාතික ජන බලවේගයේ වත්මන් ආණ්ඩුව දින 24ක් තුළ අරන් තියෙන රුපියල් ණය ප්‍රමාණය අර මුළු ප්‍රමාණයෙන් 3.8% ක් වෙනවා ලු. මේ විදියට මේ ආණ්ඩුව අධික වේගයෙන් රුපියල් ණය ලබාගැනීම තුළ ඉදිරියේදී රටේ ආර්ථිකය බරපතළ ගැටලුවකට මුහුණ පෑමේ අනතුරක් තියෙන බව රනිල් වික්‍රමසිංහ මහතා කියන්න ලු ඉන්නේ. දැනගන්න තියෙන විදියට නම් මේ විදියට ගියොත් 2025 අප්‍රේල් මාසය වෙද්දී රටේ ආර්ථිකය යළිත් අර්බුදකාරී තත්වයට පත්වෙන්න පුළුවන් කියලා මේ විශේෂ ප්‍රකාශයෙන් කියන්න නියමිතයි ලු.

ඒ වගේම මේ ආණ්ඩුවට අයවැයක් හදාගන්න කාලය නොමැති වීම නිසා 2025 මුල් මාස 4 සඳහා අතුරු සම්මත ගිණුමකින් මුදල් ලබාගන්න නියමිත බවත් මහමැතිවරණය අවසන් වූ වහාම පළාත් පාලන මැතිවරණය කැඳවන්න සූදානම් වීම තුළ ආර්ථිකයට තවත් බලපෑම් එල්ල විය හැකි බවත් රනිල් වික්‍රමසිංහ මහතා කියන්න ලු ඉන්නේ.

ඔය අප්‍රේල් මාසයේ කතාව මීට දින කිහිපයකට ඉහත දී රාජිත සේනාරත්න මහතාත් මාධ්‍ය වෙත කියලා තිබුණා.

කොහොමවුණත් රනිල්ගේ මීළඟ දේශපාලන අඩව්ව මොකක්ද කියන එක ගැන යම් ඉඟියක් අද දවස ඇතුළත හැමෝටම දැනගන්න පුළුවන් වේවි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan