ගෝලීය ජල අර්බුදය ඉදිරි වසර 25 තුළ ලෝක ආහාර නිෂ්පාදනයෙන් අඩක් අවදානමට ලක් කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජල මූලාශ්‍ර සංරක්ෂණය කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග නොගතහොත් හෝ අපේ මිරිදිය ජලය රඳා පවතින පරිසර පද්ධති විනාශය අවසන් නොකළහොත් උග්‍රවන ජල අර්බුධය හෙතුවෙන් ඉදිරි වසර 25 තුළ ලෝකයේ ආහාර නිෂ්පාදනයෙන් අඩකට වඩා අසාර්ථක වීමේ අවදානමකට ලක් වනු ඇති බව ජල ආර්ථික විද්‍යාව පිළිබඳ ගෝලීය කොමිසම අනතුරු අඟවා තිබේ.

ජල ආර්ථික විද්‍යාව පිළිබඳ ගෝලීය කොමිසම විසින් ඊයේ(16)දිනයේදී එලි දක්වන ලද පිටු 194 කින් යුත් වාර්තාව ජල අර්බුදයේ සියලු අංශ පරීක්ෂා කර ප්‍රතිපත්ති සම්පාදකයින් සඳහා පිළියම් යෝජනා කරන විශාලතම ගෝලීය අධ්‍යයනයණය වන අතර එයට අනුව, ලෝක ජනගහනයෙන් අඩක් දැනටමත් ජල හිඟයට මුහුණ දී සිටින අතර දේශගුණික අර්බුදය නරක අතට හැරෙන විට එම සංඛ්‍යාව ඉහළ යනු ඇත.

මිනිසුන්ට යහපත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය ජල ප්‍රමාණය රජයන් සහ විශේෂඥයන් විශාල ලෙස අවතක්සේරු කර ඇති බව කොමිසම සොයා ගෙන ඇති අතර එය අවධානය යොමු කළ යුතු සුවිශේෂ ක්ෂේත්‍රයක් වශයෙන් කොමිසම වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මෙම කොමිසම ගෝලීය ජල විද්‍යා පද්ධතිවල තත්ත්වය සහ ඒවා කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ පුළුල් දැක්මක් සැකසීම සඳහා ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයින් සහ ආර්ථික විද්‍යාඥයින් විශාල සංඛ්‍යාවකගේ පර්යේෂණ මත පදනම්ව 2022 දී නෙදර්ලන්තය විසින් පිහිටුවන ලද්දකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...