*
Thursday, October 17, 2024
spot_img

Latest Posts

මේ අයට රට කරන්න පලපුරුද්ද, අද්දැකීම් නෑ දැනටත් කරගෙන යන්නේ රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ක්‍රියාවලිය – ලාන්සා

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17 , කොළඹ (LNW):

අද (17) මීගමුව වැල්ලවීදිය පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට සහභාගි වෙමින්, කතෝලික සභාව හෝ කතෝලික ජනතාව සමඟ සෙල්ලම් නොකර පාස්කු කොමිෂන් සභා වාර්තා රටට ඉදිරිපත් කරන ලෙසත් ඒවායේ අඩු පාඩු හෝ අස්ථානගතවීම් ඇතිනම් කඩිනම් පරීක්ෂණයක් සිදු කර සත්‍ය රටට හෙළි කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා ඉල්ලා සිටියි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා,

“පාස්කු ප්‍රහාරය ඉතා සංවේදී කාරණාවක්. කතෝලික සභාව හා කතෝලික ජනතාව ඉල්ලා සිටියේ පාස්කු ප්‍රහාරයට අදාළ වාර්තා එළියට දමා සාධාරණය ඉටු කරන ලෙසයි. මෙය සෙල්ලම් කරන කාරණයක් නෙමේ. කතෝලික ජනතාව සියයට සියයක් අනුර කුමාර දිසානායක මහතා විශ්වාස කරලා ජන්දය ලබා දුන්නා. ඒ නිසා කතෝලික සභාවට හා කතෝලික ජනතාවට සාධාරණය ඉටු කරන එක වගකීමක්. උදය ගම්මන්පිල මහතාගෙන් පාස්කු වාර්තා ඉල්ලන්න ඕනේ නැහැ. වාර්තා සියල්ල ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ තියෙනවා. ඒ නිසා අදාළ වාර්තා එළියට දාන්න පුලුවන්. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කොමිෂන් සභා වාර්තා තුනක් තියෙනවා. කතෝලික සභාව ඉල්ලා සිටින්නේ අදාළ වාර්තා ඉක්මනින් එළියට දාලා කතෝලික ජනතාවට සාධාරණය ඉටු කරන්න කියන එකයි. අදාළ වාර්තා වල අඩුපාඩු තියෙනවනම්, පිටු අඩුනම් ඒ අය ගෙන්වලා පරීක්ෂණ තියලා කඩිනමින් වාර්තා ටික එළියට දාන්න. මාධ්‍ය සංදර්ශන තියන්නෙ නැතිව, තර්ක විතර්ක කරන්නේ නැතිව, දෝෂාරෝපණ නැතුව අවශ්‍ය දේ විතරක් කරන්න. කතෝලික ජනතාව හෝ කතෝලික සභාව එක්ක සෙල්ලම් කරන්න කාරණයක් නෙමේ. අපි ඉතා උන්න්දුවෙන් බලාගෙන හිටියා මේ වාර්තා එළියට දායි කියලා.

රනිල් වික්‍රමසිංහ මහතා මේ රට භාර ගද්දි රාජ්‍ය සේවකයින්ගේ පඩි ගෙවාගන්න බැරි තත්ත්වයක් තිබුනේ. පත්වෙලා ටික කාලයකින් රාජ්‍ය සේවකයින්ගේ පඩි දහදාකින් වැඩි කළා. යහ පාලන කාලෙත් පඩි වැඩි කලා. වැටුප් විෂමතා ඉවත් කරන්න කමිටු පත් කළා. රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථිකය දියුණු කළ නිසා රාජ්‍ය සේවකයින්ගේ පඩි ලබන වසරේ සිට වැඩි කරනවා කියලා කිව්වා. ඒ අවමය රුපියල් විසි පන්දාහකින් වැඩි කරනවා කියලා. ජනතා විමුක්ති පෙරමුණ මාස හයෙන් හයට පඩි වැඩි කරනවා කිව්වා. ජනතා විමුක්ති පෙරමුණට කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ පොරොන්දුව ඉටු කරන්න බැරිනම් ජවිපෙ දුන් පොරොන්දු ඉටු කරන්න. රාජ්‍ය සේවකයෝ සියයට අසූවක් විතර විශ්වාස කරලා ජන්දය දුන්නා. රජයේ සේවකයෝ බලන් ඉන්නවා අයවැයෙන් පඩි වැඩි කරනකම්. රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩිවීම ලබා දුන්නේ නැතිනම් ඒ අය පුරුදු කරපු වෘත්තිය සමිති ක්‍රියාමාර්ග වලට රාජ්‍ය සේවකයෝ යයි.

ජනතා විමුක්ති පෙරමුණ අලුත් දේශපාලන සංස්කෘතියක් හදනවා කියලා මැතිවරණ වෙිදිකාවල හඬ නැගුවා. වෙනසක් කරනවා කියලා. වෙනසක් කරලා නැහැ. අනිත් දේශපාලන පක්ෂ වලට වඩා නෝනවයි, මහත්තයවයි දෙන්නම ජන්දය ඉල්ලන්න දාලා. තාත්තයි පුතාවයි දාලා. තරුණයින්ට, කාන්තාවන්ට අවස්ථාවක් නැහැ. ඔවුන් වේදිකාවල කියපු දේවල් එකින් එක කඩකරගෙන යනවා. රටේ ජනතාව මේ අය කරන වැඩ ගැන අවධානයෙන් ඉන්නවා. ආර්ථිකය ගැන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, මහ බැංකු අධිපතිතුමා, භාණඩාගාර ලේකම් සම්බන්ධයෙන් කියපු දේවල් නෙමේ අද කරන්නේ. මැතිවරණ වේදිකාවේ කීවේ ලොවෙත් නැතිවෙන්න දිනන්න ඕනේ කියලා. ලොවෙත් නැති වෙන්න ණය ගන්නවා. රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර සමග කටයුතු කරලා විශාල සහයෝගයක් එක්ක වැඩ කටයුතු කළා. ජාත්‍යන්තර සබඳතා තිබුනු රනිල් වික්‍රමසිංහ මහතා අයින් කරලා අනුර කුමාර මහතාව ගේන්න ජනතාව කටයුතු කලේ මේ විදියට කරන්න බැහැ කියලා. මේ විදියට මිනිස්සු ණය කරන්න බැහැ. අපි ආවොත් අපි ණය ගන්නේ නැහැ වැනි විශාල කාරණා ගනනක් කියලා. දැන් ඊට හාත්පසින් වෙනස් දෙයක් සිදු කරන්නේ. මනිස්සු කවදාවත් හිතන්න නැතුව ඇති වේදිකාවල කියපු දේවල් වෙනුවට වෙනත් දෙයක් කරයි කියලා. රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙල ඒ විදියටම කරගෙන යනවා. ඒ වැඩපිළිවෙළ තමා රට ජයග්‍රහණය කරවන වැඩපිළිවෙළ. ජනතාව බලාපොරොත්තු වුනා සහන ලැබෙයි, වැටප් වැඩි වෙයි, වැට් අඩු කරයි කියලා හිතුවා. නමුත් එහෙම දෙයක් වෙන්නෙ නැහැ.

මේ අයට ජාත්‍යන්තර සබඳතා පවත්වාගෙන යන්න දැනුමක් නැහැ. ඉන්දියාව වැනි රටවල් සමග ගනුදෙනු කරනවිට අවබෝධයෙන් වැඩ කරන්න ඕනේ. ඉන්දියාව ලෝකයේ තුන්වෙනි බලවතා. ඉන්දියාවේ ගිවිසුම් නැවත සලකා බලනවනම් අත පුච්චගන්න යන්නෙ. ඉන්දියාව සමග ඇති කරගත් ගිවිසුම් හොඳට සලකා බලලා, කරුණු විමසලා තමා අපේ ආණ්ඩුව ඇති කර ගත්තේ. ඉන්දියාව සමග ඇති කරගත් ගිවිසුම් අපිට වාසිදායක දේවල්. මේ පිළිබඳව සලකා බලනවා කියන්නේ කල් මැරීම. ජාත්‍යන්තර වශයෙන් ලැබෙන ආධාර, ව්‍යාපෘති, ආයෝජන කල් දැමීම කියන්නේ රට ආපස්සට දානවා කියන එක. මේවා සලකා බලන්න කල් ගන්න එක නෙමේ කරන්න ඕනේ කවුරු ආවත් ගිවිසුම් ක්‍රියාත්මක කරමින් රට හොඳ ආයෝජන ලබා ගැනීම, ප්‍රාග්ධනය ගලා ගෙන ඒමට ඉඩ සැලැස්වීමයි. ඉන්දියාව සමග ඇති කරගත් ගිවිසුම් ඉන්දියාවට හා ශ්‍රී ලංකාවට හොඳ වෙළෙද පරිසරයක් නිර්මාණය කරනවා. ඒවා වලක්වනවා කියන්නේ රට ආපස්සට යනවා කියන එක.

රනිල් වික්‍රමසිංහ ආර්ථික වැඩපිළිවෙළ නිසා අද ඩොලරය ශක්තිමත් වෙලා තියෙන්නේ. වේදිකාවල කිව්වා මාෆියාකාරයෝ, කළුකඩකාරයෝ කියලා. අපි ආවොත් පාලනය කරනවා කිව්වා. ඩොලරය අඩු වෙන්න අඩු වෙන්න භාණ්ඩ මිල ඉහල ගිහිල්ලා. බිත්තර, පොල්, හාල්, අල මිල වැඩි වෙලා. රුපියල ශක්තිමත් වෙද්දි ආනයනික භාණ්ඩ වල මිල අඩු වෙන්න ඕනේ. එහෙම අඩු වෙලා නැහැ. මේ අයට රට කරන්න පලපුරුද්ද, අද්දැකීම් නැහැ. මේ රට පාලනය කරන්න අසමත් වෙනවා. දැනට සමත් වෙලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික ක්‍රියාවලිය යන නිසා. ඒ අයගේ ආර්ථික වැඩපිළිවෙළ කළොත් රට අසමත් වෙනවා. ඒ නිසා අකමැති වුනත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික වැඩපිළිවෙල කරගෙන යන්න කියලා ඉල්ලා සිටිනවා.” යැයි නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan