ත්‍රිවිධ හමුදාව වැඩි බරක් දරන කාන්තා කණ්ඩායමේ සුක්කානම නාවික හමුදාවේ තුෂානිට

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 17, (LNW) කොළඹ :


යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව ඇතුළු ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ ක්‍රීඩකයින් සහ Renown Sport Club සහ Colombo Football Club හි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දායකත්වයෙන් ගොඩ නැඟී තිබෙන ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායම මේ මොහොතේ සිටින්නේ නේපාලයේ පැවත්වෙන දකුණු ආසියානු කාන්තා පාපන්දු සූරතාවලියට මුහුණ දීමේ අරමුණ සහිතවයි.ත්‍රිවිධ හමුදාවේ බහුතර දායකත්වය සහිත කණ්ඩායම ජයග්‍රහණය කරා පඳවාගෙන යාමේ සුක්කානම දැරීමට නාවික හමුදාවේ තුෂානි මධුෂිකා නම් කර තිබෙනවා.


ඔක්තෝම්බර් 17 දා පකිස්තානය සහ ඉන්දියාවව අතර පැවත්වෙන තරගයකින් තරගාවලිය ආරම්භ වන අතර ශ්‍රී ලංකාව මූලික තරගවලට සහභාගි වන කාණ්ඩය නියෝජනය කරමින් ඔක්තෝබර් 18 (සිකුරාදා) මාලදිවයින සමඟ ද,ඔක්තෝබර් 21 (සඳුදා) භූතානය සහ අවසානයේ සත්කාරක රට වන නේපාලය සමඟ ඔක්තෝබර් 24 දා තරග වදියි.(බ්‍රහස්පතින්දා) පැවැත්වේ. අනෙක් කාණ්ඩයට ඉන්දියාව, පකිස්ථානය සහ බංග්ලාදේශය ඇතුළත් වේ.තරගාවලිය නිමා වන්නේ ඔක්කෝම්බර 30 වන දා ය.
23 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයේ ප්‍රධාන පුහුණුකාරීත්වය හසන් රූමි ද, තාක්ෂණික පුහුණුකරු රත්නම් ජස්මින්, සහකාර පුහුණුකාරිනී දීපානි සමරසිංහ ද සමඟ ගෝල් රකින පුහුණුකරු සම්පත් බණ්ඩාර සහ කණ්ඩායම් කළමණාකාරිනී හිතෛශී ජයවර්ධන ලෙස මෙම කණ්ඩායමේ කළමණාකරණ වගකීම් දරති.


ශ්‍රී ලංකා කාන්තා ජාතික පාපන්දු කණ්ඩායම:
තුෂානි මධුෂිකා (නායිකාව), ෆ්‍රැන්සිස් සලෝමි, මහේෂිකා කුමුදිනී, ශෂිකලා රත්නායක, සකුරා සෙව්වන්දි, ප්‍රවීනා පෙරේරා, සචිනි ද සිල්වා, අචලා පෙරේරා, සහනිකා සෝමරත්න, පූර්ණිමා පෙරේරා, සෙල්වරාජ් යුවරානි, අයෝමි වීරසිංහ, ස්ටෙපී ජී. මධුෂානි, අශානි ඉමේෂා, දිලිනිකා සූරියආරච්චි, සුරෙන්දිරන් ගෞරි, වර්ණකුලසූරිය ඉමේෂා, සිවනේෂ්වරන් තාර්මිකා, තරින්දි වැලිවිට, සහ සඳුනි සෙව්මිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...