‘මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ’ සම්බන්ධයෙන් හිටපු අගමැති හසීනා අත්අඩංගුවට ගැනීමට නියෝග

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සති ගණනාවක් තිස්සේ බංග්ලාදේශ විශ්වවිද්‍යාල සිසුන් විසින් මෙහෙයවන ලද විරෝධතා ව්‍යාපාර හේතුවෙන් පසුගිය අගෝස්තු 5 වන දින ආරක්ෂාව පතා ඉන්දියාවට පැන ගිය බංග්ලාදේශ් අගමැතිනි ශික් හසීනා අත්අඩංගුවට ගන්නා ලෙස බංග්ලාදේශ අධිකරණයක් නියෝග කර තිබේ.

බංගලාදේශයේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (ICT) ප්‍රධාන අභිචෝදක මොහොමඩ් තාජුල් ඉස්ලාම් අද(17)දින නිවේදනය කර තිබුණේ, නොවැම්බර් 18 වනදා වන විට අධිකරණයට පැමිණෙන ලෙස නියෝග කරමින්, හසීනා සහ තවත් 45 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇති බවයි.

පසුගිය ජූලි සිට අගෝස්තු දක්වා 1000කට අධික පිරිසක් මියගිය ශිෂ්‍ය විරෝධතා ව්‍යාපාරය මර්දනය කිරීම වෙනුවෙන් සමූලඝාතන, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදු කරිම සම්බන්ධයෙන් ඇයට එරෙහිව චෝදනා එල්ල වේ.

මේවන විට හසීනාගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය අවලංගු කර ඇති බංග්ලාදේශය ඇය ඉන්දියාවේ සිටීම කෝපයට පත් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Emine Erdogan ගෙන්  Melania Trumpට ලිපියක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ සහ රුසියාවේ...

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගැනත් විමර්ශන ඇරඹේ!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරමින...

රනිල්ව අත්අඩංගුවට ගැනීම ගැන චන්ද්‍රිකාත් විරෝධය පළකරයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්...