ඝාතනයක් සඳහා වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථයක් හමුවෙයි!

0
540

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17 , කොළඹ (LNW):

කොළඹ ග්‍රෑන්ඩ්පාස්, මාදම්පිටිය කනත්ත ආසන්නයේ දී ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය හමුවී තිබෙන අතර ,ඒ හංවැල්ල ඇඹුල්ගම විහාරස්ථාන භූමියේ අතහැර දමා ගොස් තිබිය දීයි.

මෝටර් රථය රැගෙන අද (17) අලුයම 4ට පමණ වේගයෙන් විහාරස්ථාන භූමියට පැමිණි පුද්ගලයකු මෝටර් රථය විහාරස්ථාන භූමියේ අතහැර දමා ඉන් අනතුරුව යතුරුපැදියකින් පලා ගොස් ඇතැයිද අනාවරණය වූ බව පොලීසිය පවසයි.