ආනයනික භාණ්ඩ කිහිපයක බදු ඉහළට!

Date:

කොළඹ LNW: මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආනයනික වෙළෙඳ භාණ්ඩ කිහිපයක් සඳහා අය කෙරෙන බදු ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ.

ඔක්තෝබර් 14 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා වන කාලසීමාවට අදාළව මෙම නව විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක වන අතර සම්පූර්ණ සහ පියලි කළ මයිසූර් පරිප්පු කිලෝග්‍රෑමයක් සඳහා සත 25ක බද්දක්ද, සම්පුර්ණ සහ පියලි කළ කහ පරිප්පු කිලෝග්‍රෑමයට සත 25ක බද්දක්ද පනවා ඇත.

උම්බලකඩ සහ ඊට ආදේශක භාණ්ඩ සඳහා කිලෝග්‍රෑමයට රුපියල් 302ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් ද පනවා තිබෙන අතර කටු ගැලවූ මසුන් සහ අනෙකුත් මසුන්ගේ මස් හැර, අලුත් හෝ ශීතකළ මසුන් සඳහා 10%ක් හෝ කිලෝග්‍රෑමයට රු.400 යන දෙකෙන් ඉහළ අගයක් වන බදු ප්‍රමාණයක් ද පනවා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික වැඩපිළිවෙළ ගැන ලෝක බැංකු නියෝජිතයින්ගේ ප්‍රසාදය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : ඊයේ (15) පස්වරුවේ...

කවීජ ගමගේ තුන් ඉරියව් දස්කම්වලින් ලංකාවට ජය ගෙනෙයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 16, කොළඹ LNW: ඉටහිර ඉන්දීය කොදෙව් දූපත් හී සංචාරය...

නාමල් රාජපක්ෂ සහ මෙරට ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

රන්දෙවොල බිඳ වැටෙයි : “කුසට සාගිනි හදට සෝගිනි” බයිලාද ? 76 වසරක සාපය තිබිලා තියෙන්නේ අපිට විතරමද ?

එතකොට "කුසට සාගිනි හදට සෝගිනි" වගේ විමුක්ති ගී සිරිමගෙ...