පුෂ්පිකා ජය ගනී!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17 , කොළඹ (LNW):

2021 ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජින ලෙස පුෂ්පිකා ද සිල්වා ප්‍රකාශයට පත් කරන ලෙසට ගල්කිස්ස දිසා අධිකරණය විසින් නියෝග කර තිබෙන අතර,ඒ ඇයගේ කිරුළ ඉවත් කිරීමට එරෙහිව ගොනු කර තිබූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

ඒ අනුව පැය 24 ක් ඇතුලත ශ්‍රි ලංකා විවාහක රූ රැජිණ නිල ෆේස්බුක් ප්‍රසිද්ධ නිවේදන ඉවත් කර ගන්නා බවටද, පුශ්පිකා ඩි සිල්වා යන මාගේ නම ‘’2021 ලෝක විවාහක රූ රැජිණ තරඟාවලියේ ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණ” යන කිරුල නීත්‍යානුකූලව දරණ හිමිකාරිය බවට එහි පල කරන බවටද චන්දිමාල් ජයසිංහ මහතා ඵකඟ විය යුතු බව ද අදාළ නියෝගයේ දැක්වේ.

තවද, දින 14ක් ඇතුළත ඔහුගේ සහභාගීත්වයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා මේ බව දැනුම්දිය යුතු අතර, එහිදී අදාළ කිරුළ පුෂ්පිකා ද සිල්වා මහත්මිය හිමිකාරිනිය බවත් ඊට තමන් මැදිහමත්වීමක් සිදු නොකරන බවත් චන්දිමාල් ජයසිංහ මහතා ප්‍රකාශ කළ යුතු බවට අධිකරණය නියෝග කර ඇති බව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් පුෂ්පිකා ද සිල්වා සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් ද එක් කර තිබුණා.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...