අපි අවංකවම කැපවෙලා ඉන්නේ පොදු ජනතාවගේ ජන ජීවිතය ශක්තිමත් කරන්නයි – සජිත්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර මහමැතිවරණය සඳහා දක්ෂතාවය, හැකියාව, අවංකභාවය ඇති හොඳම කණ්ඩායම ඉදිරිපත් කර ඇත්තේ සමගි ජන බලවේගයෙන් බව සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“කොළඹ දිස්ත්‍රික්කයෙන් මමත් තරග කරනවා. පොඩ්ඩක් බලන්න අපේ අපේක්ෂකවරුන් 21 දෙනා දිහා. ඉස්සෙල්ලාම බලන්න ආසන සංවිධායකතුමා දිහා, ඊටපස්සෙ අනිත් අය දිහා බලන්න. මේ 21 දෙනා දිහාම බලනකොට මට බය නැතිව කියන්න පුළුවන් දක්ෂ, හපන්කම් තියෙන, නිපුණතාවය හැකියාව තියෙන, අවංකභාවය, පිරිසිදුභාවය තිබෙන හොඳම කණ්ඩායම ඉදිරිපත් කරලා තිබෙන්නෙ සමගි ජන බලවේගයයි කියන එක මට ඔබට අවංකම හෘද සාක්ෂියට එකඟව ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ නිසා අපි අවංකවම කැපවෙලා සිටින්නේ පොදුජනතාව වන ඔබගේ ජන ජීවිතය ශක්තිමත් කරන්න. එසේ නම් ඒ අවස්ථාව අපට ලබාදෙන්නට ඔබ කටයුතු කරන්න”

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ සජබ රත්මලාන ආසන සංවිධායක වෛද්‍ය චමල් සංජීව මහතා විසින් ඊයේ (17) සංවිධානය කර තිබුණු පාක්ෂිකයින්ගේ හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...