ගිණුම් නැති ලංකාවේ බොක්සිං

0
403

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 17,  කොළඹ LNW:

ගිනියාව වැනි රටක වැඩි කලක් ගත කරන,එරට සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික වගකීමක් ද ඇති අනුරුද්ධ බණ්ඩාර මෙරට බොක්සිං පුටුවට ගෙන ඒමට කටයුතු සැළසුම් වුණේ අමාත්‍ය රොෂාන් රණසිංහගේ දවසය.තම වෘත්තිය වගකීම අමාත්‍යවරයාට අවශ්‍යය පරිදි පිටිය සැකසීම ලෙස තේරුම් ගෙන සිටි හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ශෙමාල් ප්‍රනාන්දුගේ ආශිර්වාදයත් සහිතව බොක්සිං මුල් පුටුවට ආපු අනුරුද්ධගේ පරිපාලනය අලුත් ගමණක් යන විට පරණ යහපත් දේ ඇත්නම් එවා ද සුරැක ක්‍රියාත්මක වන්නැයි ලියූ විට දී,මේ ලියුම්කරු අමතා විශාල හෑල්ලක් කියූ දසනායක නැමත්තෙක් කියා සිටියේ මින් මතු බොක්සිං ලිවිය යුතු ආකාරයය.


දැවන්ත ලෙස අපේ විවේචනයට ලක් වූ ඩයන් ගෝමස් වැනි අය වෙනුවෙන් එසේ නොකරන ලෙස දසනායකට වඩා සුහද ලීලාවෙන් ඉල්ලා සිටි අරවින්ද නම් පුහුණුකරුගේ දුරකතනයෙන්ම අමතා මෙවැනි තර්ජනයක් කරමින් රටේ බොක්සිං අනුරුද්ධට භාරදීමට රැඟෙන ඒමේ කොන්ත්‍රාත්තුව රොෂාන් රණසිංහ විසින් තමන්ට පැවරූ බව ද දසනායකයන් පැවසුවේ මින් පසු ලංකාවේ බොක්සිං යනු තමන්ගේ සිතුවිලිවලට අනුව ක්‍රියාත්මක වන දේ ලෙස භාර ගැනීමට සූදානම් වන ලෙස යම් පණිවිඩයක් ද තබමින්ය.


ඒ බොක්සිං දැන් යම් දුරක් ගෙවී අවසන්ය.දැන් ඒවා ගෙවූ කාලයේ වැය කළේ අය කළේ මොනවාටද කොහොමද යන්න පැහැදිළි නැත.ටොරිංටනයේ තාවකාලික බෙට්ටි කඩයක් ගෙන බැලුවද ඔවුන් කරන වෙළදාම කොපි පොතක නිවැරදිව සටහන් කර ගනිමින් දවසේ අන්තිමට ලාභ ද පාඩුද සොයා බලන්නේය.එහෙත් මෙහි ඇත්තේ පොත පෙරලීමකි.වරින්වර ගිණුම් ගැන ඇසුවද ඒවා ලැබෙන්නේ කවදාවත් උදා නොවන හෙටකදීය.බාලගිරි දෝෂය සහිත මේ හෙට වන විට වෙන්නේ කුමක්ද කියා දන්නේ කවුද?


ලේකම්වරු පත් කරන්නට ඉක්මණින් යයි.භාන්ඩාගාරිකවරුද එසේය.නැවෙන් ගිලෙන්නට පෙර පනින මීයන් සේ කටයුතු කරද්දී අනුරුද්ධ වාසනාවන්ත වන්නේ කුවරුන් හෝ එම තනතුරුවල ඉන්දන්නට ඔහුට හමුවන නිසාය.මෙහි දී නාවික හමුදා බොක්සිං සංගමය ප්‍රධාන වශයෙන් අනුරුද්ධගේ ප්‍රශ්නකාරී ගිණුම් සම්බන්ධ පාලනය කඩා වටෙන්නට නොදී රඳවා ගැනීමේ කූඤ්ඤ ලෙස පෙනී සිටියි.දැන් තේරුම් කමිටුවද,ලේකම් තනතුරු ද භාණ්ඩාගාරික තනතුරු ද ඔවුන්ට පිරිනමමින් දිගටම එල්ලවන බලවත් විරෝධය මත නාවික හමුදා සහයෙන් රැඳෙන්නට බලමින් සිටින බොක්සිං සමඟ සෙසු හමුදා සාමාජිකයන් ද සිටින බව පෙණුනද,ඔවුන්ට තනතුරු වගකීම් වැඩිය දීමට අනුරුද්ධගේ කණ්ඩායම මැලිය.


“නේවිම දාමු ෂේප් කර ගන්න පුළුවන්“ අනුරුද්ධට තම කේවට්ටයන්ගෙන් උපදෙස් එන්නේ එලෙසටය.එහෙත් මෙවරත් පත් වූ නිලධාරීන් ද යම් ආකාරයකට නිල ඇඳුමේ ගෞරවය තබාගෙන සිටින පිරිස් බැවින් ඔවුන්ගේ නිලය ආවරණය ද කෙටි එකක් විය හැකිය.
කෙසේ හෝ IBA වෙතින් ඉවත් වී ලෝක බොක්සිං සමඟ සම්බන්ධ වීම සඳහා අනුරුද්ධගේ කණ්ඩායමට රටේ බොක්සිංවලට ඇති ආදරය වෙනුවෙන් පිරිස ඉඩ දුන්නේය. විශේෂ මහා සභා රැස්වීම තුළ සිඳු වූ මේ එකඟතාවය හැරෙන්නට අන් සියළුම කාරණා විවේචනයට ලක් විය.මේ ගිණුම් සම්බන්ධ ව්‍යාකූලතාවය ගැන ඇති වූ ප්‍රශ්න කිරීම්වලදී අමාත්‍යංශය හරහා පැමිණි නිරීක්ෂකයාද අනුරුද්ධගේ පරිපාලනය වෙනුවෙන් පෙනී සිටීම යම් ආකාරයක අමාත්‍යවරයාගේ උවමනාව සහ පණිවිඩය එතැනට ගෙන ආවාද යන සැකය උද්දීපනය කළේය.ඔහු නිරීක්ෂක භූමිකාවෙන් මිදී වරින්වර ගිණුම් විගනනය නොවී ඇත්නම් කළ හැකි දෙයක් නැති ලෙස අදහස් දක්වමින් පවතින පරිපාලනයට ආශිර්වාදය ලබා දෙන්නට නොදන්නා ආකාරයට පාවාඩ එලීමක් දකින්නට ලැබිණ.


වරලත් ගණකාධාකාරිවරයෙකු වන ක්‍රීඩා අමාත්‍යවරයා තවමත් මේ විනිවිදභාවයකින් තොරව සිඳුවන ගිණුම් කාරණා සම්බන්ධයෙන් මුනිවත රැකීම ප්‍රශ්නකාරීය.වෙනත් රජයකනම් බෙරය වැයුවොත් කුඩු කෑ විත්තිය ඇසේය යන බියෙන් යැයි සිතන්නට ඉඩ ඇත.එහෙත් වත්මන් රජය එසේ නොවන බව දිව්ර දිව්රා පවසද්දී ක්‍රීඩා අමාත්‍යවරයා ආසියානු මට්ටමේ ක්‍රීඩා උළෙලක් පවත්වා තමන්ට එහිදී දුන්න පිළිගැනීමේ ආස්වාදයෙන් ඔද වැටී මේ ආකාරයට මේ ගිණුම්වල සාවද්‍යයභාවය පරික්ෂාවට ලක් නොකර ඉන්නේ ද යන්න සැකය.
කෙසේ වුවත් අප මීට පෙර ඔයාලට තේරෙන්නේ නැහැ මේවෑ ගැඹුර කියා ක්‍රීඩා අමාත්‍යවරයා අපේ විවේචනවලට දුන් පිළිතුරක එක කොටසක් පිළිගෙන අමාත්‍යවරයා ද. බොක්සිං ‘අමාත්‍යවරයාට අනුව අප පැවසූ නොගැඹුරු දියට‘ බස්සා ඇත. IBA වෙතින් ඉවත් වී ලෝක බොක්සිං සමඟ සම්බන්ධ වීම දැන් පිළිගෙන ඇත.එහෙත් ලෝක බොක්සිං සම්මේලනයට මෙහි ඇති ගිණුම්වල විනිවිද භාවයේ ගැටළුව ගිය පසුව ඔවුන් ශ්‍රී ලංකාවේ බොක්සිං පිළිගනීද?


අමාත්‍යවරයාට මේ පාලනයේ තිබෙන කරුණු විමසා විසුරුවා තාවකාලික පරිපාලනයක් පත් කර නිලවරණයක් පැවත්වීමේ අවශ්‍යයතාවය එනු ඇත්තේ විදේශ පරිපාලනය විසින් පැවසූ පසුව විය යුතුය.අනුමත ගිණුම් මෙන්ම තවත් ව්‍යවස්ථාපිත නොවන අසාධාරණ තත්ත්වයන් ගොඩක් ලෝකයට ගොස් අමාත්‍යවරයා ළඟට පැමිණෙන තෙක් නොසිට යුහුසුළුව මැදිහත්ව පළමු ලියාපදිංචියට යද්දීම යහපත් තත්ත්වයෙන් රටේ කීර්තියට හානි නොවන ලෙස ලියාපදිංචි වීම වැදගත් නැද්ද?


අමාත්‍යවරයා මේ ගැන සිතිය යුතුය.හොඳ සහ නරක වෙන සිදුවීම් මත නොව පූර්ව නිගමනයක සිට හඳුනාගෙන සිටීම නිසා අමාත්‍යවරයාගෙන් වැරදි බොහෝ දේ සිඳු වෙයි.සිඳුවීමට අනන්‍ය කාරණා මත නොව විවේචනය නොරිස්සන බවත් පෙන්වන අමාත්‍යවරයා අපේක්ෂිත ප්‍රශස්තිවලින් සනසන ක්‍රමයට අප අකමැතිය.රටටත් ක්‍රීඩාවටත් ඒවා හරි ලෙස සෘජුව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යයතාවය දියත් කරන පුද්ගලයාටද ගෞරව කරනු විනා වෙනත් අදහස් ඇතිව අපි කිසිවක් නොලියමු.ලෝකයෙන් කතා කර මේක අවුල් බව කියන තෙක් බොක්සිංවල අනුරුදු යුගය සමඟ ඒකත් පස්ව සිනා වෙමින් කල් ගෙවන්න ඇමතිතුමාට ඇති හැකියාව දරා ගැනීමක් නොවේය.එහි ඇත්තේ යම් උද්ධච්ඡකමක්ය.අප කියන දේම ලෝකයෙන් කතා කර කියන විට ඉටු කිරීම එසේ නොවන්නේ ලෝක ලොක්කන් පෙන්වා දීමෙන් ඉනික්බිතිව එය සිඳුවන බැවිනි.එවැනි බොහෝ දේ තවත් සිඳුවනු ඇත.එවිට නැමෙනවාද නැතිනම් දැන්ම තේරුම් ගෙන වැරදි කරන අය නමා නිවැරදි කරනවාද යන්න අමාත්‍යවරයාගේ තීරණයය.


දැන්නම් සිටින්නේ හොඳ පන්ච් එකකින් ඔළුව හිරි වැටුණ ගාණටය.හිරි ඇරෙන විට ලංකාවේ බොක්සිංවලට බොහෝ දේ අහිමිව තිබිය හැකිය.