ඉන්දුනීසියාවේ අපිරිසිදු වාතය හේතුවෙන් අසල්වැසි රටවල් පීඩාවට — සිංගප්පූරුව නීතිමය පියවර ගන්නා බවට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 :
ඉන්දුනීසියාවේ ඇතිවන ලැව්ගිනි හා ඉඩම් එළිපෙහෙළි කිරීමේදී සිදුවන ගිනි තැබීම් හේතුවෙන් පැතිරෙන ඝන දුම්මීදුම සම්බන්ධයෙන් අග්නිදිග ආසියානු කලාපයේ අසල්වැසි රටවල් අතර අප්‍රසාදය ඉහළ ගොස් තිබේ.

මෙම තත්ත්වය හමුවේ සිංගප්පූරුව ද දැඩි ස්ථාවරයක් ගනිමින්, දේශසීමා ඉක්මවා පැතිරෙන වායු දූෂණයට වගකිව යුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සිදුවිය හැකි බවට අනතුරු අඟවා ඇත.

‘පිරිසිදු වාතය යනු කිසිවකු විසින් ලබාදෙන අනුග්‍රහයක් නොවේ’ යන අදහස අවධාරණය කරමින්, මෙම වායු දූෂණය පාලනය කිරීමට සහ ජනතාවගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ.

ඉන්දුනීසියාවේ වනාන්තර සහ පීට්බිම් ආශ්‍රිතව ඇතිවන ගිනිගැනීම්වලින් නිකුත් වන දුම සුළං සමඟ අසල්වැසි රටවල් කරා ගමන් කිරීම හේතුවෙන් කලාපයේ වායු ගුණාත්මකභාවයට බලපෑම් ඇති වී ඇති හෙයින් එමඟින් ශ්වසන අපහසුතා ඇතුළු සෞඛ්‍ය ගැටලු මතුවීමේ අවදානමක් ද පවතී.

මෙම ගැටලුවට දිගුකාලීන විසඳුමක් ලබාදීම සඳහා ඉන්දුනීසියාව ඇතුළු කලාපීය රටවල් අතර සහයෝගීතාව, ගිනි තැබීම් වැළැක්වීම සහ වායු දූෂණයට වගකිව යුතු පාර්ශ්වයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම වැදගත් වනු ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකානු සම්බාධක නොතකා ඉරානය LPG සහ ජෙට් ඉන්ධන නැව්ගත කරන බවට වාර්තා වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඇමෙරිකා...

නාමල්ගේ පෞද්ගලික ලේකම් සංජයගේ නිවසට මහ රෑ අල්ලස් කොමිසමෙන් පනී !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

කාවන්තිස්සට මියයන්න වෙන්නේ ….

කාවන්තිස්සට මියයන්න වෙන්නේ පොහොසත් රටක ලස්සන ජීවිතයක් අපි ගතකරන...

අද (17) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 17) දිනයේදී දිවයිනේ බොහෝ...