නාමල්ගේ පෞද්ගලික ලේකම් සංජයගේ නිවසට මහ රෑ අල්ලස් කොමිසමෙන් පනී !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා වන සංජය සමරසිංහගේ නිවස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සෝදිසියට ලක් කර ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ පවසයි.

ගල්කිස්සේ පිහිටි ඔහුගේ නිවසට ඊයේ (16) රාත්‍රී 10.30ට පමණ පැමිණි මෙම පොලිස් සහ අල්ලස් කොමිසමේ කණ්ඩායම් ආරම්භ කළ සෝදිසි කිරීම අද (17) අලුයම 04.30 පමණ වනතෙක් පැවති බවත් නිලධාරීන් විසින් මුළු නිවසම පරීක්ෂාවට ලක් කරමින් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් නීතිඥ මනෝජ් ගමගේ සඳහන් කළේය.

කෙසේවෙතත් මෙම සෝදිසිකිරීම සිදුකිරීමට හේතුව හෝ ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් වැඩිදුර තොරතුරු ලබාදීමට පොලීසිය හෝ අල්ලස් කොමිසම කටයුතු කර නොමැති බව පැවසූ නීතීඥවරයා මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අද දහවල් වනවිට අනාවරණය කරන බවත් පැවසීය.

සංජය සමරසිංහ යනු නාමල් රාජපක්ෂගේ පාසල් සමයේ පටන්ම සමීප මිතුරෙකු ද වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකානු සම්බාධක නොතකා ඉරානය LPG සහ ජෙට් ඉන්ධන නැව්ගත කරන බවට වාර්තා වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඇමෙරිකා...

ඉන්දුනීසියාවේ අපිරිසිදු වාතය හේතුවෙන් අසල්වැසි රටවල් පීඩාවට — සිංගප්පූරුව නීතිමය පියවර ගන්නා බවට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඉන්දුනීසියාවේ...

කාවන්තිස්සට මියයන්න වෙන්නේ ….

කාවන්තිස්සට මියයන්න වෙන්නේ පොහොසත් රටක ලස්සන ජීවිතයක් අපි ගතකරන...

අද (17) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 17) දිනයේදී දිවයිනේ බොහෝ...