සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ මාධ්ය ලේකම්වරිය ලෙස පත් කළ කේටි සකාරියා(Katie Zacharia) සම්බන්ධයෙන් දින කිහිපයක් ඇතුළත මතභේදාත්මක තත්ත්වයක් මතුව තිබේ. ඇයගේ පත්වීමෙන් පසු දින පහක් වැනි කෙටි කාලයක් තුළ ඇය එම ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කළේ ඇයිද යන්න පිළිබඳව දේශපාලන ක්ෂේත්රයේ අවධානය යොමුව ඇත.
වාර්තාවලට අනුව, ඇයගේ පළමු මාධ්ය හමුවේදී මාධ්යවේදීන්ගේ ප්රශ්නවලට පිළිතුරු ලබා දුන් ආකාරය සම්බන්ධයෙන් ධවල මන්දිරයේ ඇතැම් නිලධාරීන්ගේ විවේචන එල්ල වී තිබේ. එමෙන්ම ඇයගේ වෘත්තීය සුදුසුකම් සහ පසුබිම පිළිබඳවද ප්රශ්න මතුව ඇති බව සඳහන් වේ.
මෙම තත්ත්වය හමුවේ ඇය එම තනතුරට පත් කිරීමට පෙර නිසි පසුබිම් පරීක්ෂාවක් සිදු කළේද යන්න පිළිබඳවද සකච්ජාවන අතර ධවල මන්දිර සන්නිවේදන අධ්යක්ෂ ස්ටීවන් චියුන්ග් පවසා ඇත්තේ සකාරියා වෙනත් තනතුරකට මාරු වන බවයි.

