රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW :
ජාතික පද්ධති ක්රියාකරුගේ නිවේදනය: ඇතැම් බලාගාර බිඳවැටී ඇති බවට පැතිරෙන පුවත්වල සත්යතාවක් නොමැති අතර, ගල් අඟුරු බලාගාරය පමණක් මෙවැනි පද්ධති බිඳවැටීමක දී නිසි ක්රමවේදය අනුව ක්රියා විරහිත කර ඇත. අද මධ්යහ්නයේ සිට පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සාර්ථකව සිදුවුණ අතර, ඇතැම් ප්රදේශවලට මේ වන විටත් විදුලිය යථාවත් කර ඇත. සවස 6:30 පමණවන විට මුළු පද්ධතිය ම යථාවත් කිරීමට ජාතික පද්ධති ක්රියාකරු අපේක්ෂා කරයි.


