මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ කරන කොල්ලෙක් කියන්නෙ යාන්තමට අවුරුදු 16 පිරුණු ගැටයෙක්.එහෙම හිච්චි එකෙක්ට උණ බම්බුවකට බර වෙලා වැල්ලට මීටර් 3 ක් උඩින් පනින්න පුළුවන් කියන එකේ තියෙන ඇත්තම කතාව දක්ෂකම විතරක් නෙමෙයි.නිර්භිතකම,අභියෝගවලට මුහුණ දීමේ හැකියාව.එච්චර උඩකින් වැලි පොළවට පාත් වෙන සිරුර දරාගෙන ඉන්න පුළුවන් තරමට තියෙන හයිය.
මේ සමඟ ඇති වීඩියෝව එක වරක් නෙමෙයි ඔබ කිහිපවරක් බලන්න.ඔබට දැනෙයි ඉහත වචනවල තියෙන ඇත්ත. මේ පිම්මෙ හිමිකාරයා ටී ධනූජන්.ඉන්නෙ කිරන්කුලම්වල.මඩකළපුව දිස්ත්‍රික්කයට අයත් කිරන්කුලම් කියන්නෙ මේ රටේ වැඩි දෙනෙක්ට උරුම දුප්පත්කමේ පීඩාව එක්ක හැප්පෙන මිනිස්සු ඉන්න ප්‍රදේශයක්.ඒවයෙ පිට්ටනි නෙමෙයි මිනිස්සු හොයන්නෙ මොනව හරි හිටවගෙන කන්න,එහෙමත් නැත්නම් බඩගින්නේ නැතිව දවස ගෙවාගන්න විදිහක්.ඒ මිනිස්සුන්ගේ ජීවිතේ හයිය රටට වැඩක් වෙන විදිහට හැඩ ගහන්න උථ්සාහ කරන මනුස්සෙක්ට සාමාන්‍යයෙන් වෙන්නෙ උඩුඟං බලා පීනන්න.අන් ඒ වැඩේට කැමති කෙනෙක් මීට අවුරුදු තුනකට ඉස්සෙල්ලා කිරන්කුලම් විනයාගර් මහා විද්‍යාලයට එනවා.ඒ නිසා තමයි මේ සටහන ලියන්න වස්තු බීජය හම්බවෙන්නෙ.
රිෂාන්තන්ට ජාතික මට්ටමෙන් ඇගයීම් තිබුණෙ ක්‍රිකට්වලටයි,එල්ලෙවලටයි.ඒ ඔහුට පාසල් වයසේ ක්‍රීඩා කරන්න තිබුණ දේවල සීමාව විසින් අයිති කර දුන්න දේ.
දැන් මම ලෝන්ග් ඩිස්ටන්ස් දුවන අයවයි පෝල් වෝල්ට් කරන අයවයි තමයි ට්‍රේනින්ග් කරන්නෙ.මම වෙනම පෝල් වෝල්ට් ගැන රිසර්ච් එකක් කරගෙන යනවා.
එහෙම රිසර්ච් සඳහා වැඩ පිළිවෙලක් නැති රටක ක්‍රීඩා පුහුණුකරුවෙක් විදිහට ලැබුණ පත්වීමෙන් රටට ප්‍රතිපල අරගෙන දෙන්න තනියෙන් මහන්සි වෙන රිෂාන්තන් මට සිහි ගැන්වූයේ පාසල් මලල ක්‍රීඩාවේ ප්‍රතිපල කණපිට ගැස්සූ වලල රත්නායකයේ සුසන්ත ප්‍රනාන්දු.ඔහුත් ප්‍රධාන වශයෙන් ක්‍රිකට් ක්‍රීඩා කරපු කෙනෙක්.පුහුණුකරුවා කියන්නෙ වෙනම භූමිකාවක් කියන්න රිෂාන්තන් උදාහරණයට ගන්න කල් තියෙන නිසා ඔහු පියවර මනින මාවතේ ඊට පෙර ගිය කෙනෙක් හැටියට සුසන්තව හඳුන්වන්න පුළුවන්.
රිෂාන්තගෙ පරීක්ෂණවලට වගෙම ධනුජන්ගෙ පැනීම්වලටත් කොච්චර දුරක් යන්න පුළුවන් ද?
එතැන තියෙන්නෙ භෞතික ප්‍රශ්නයක්.ඔහුට පනින්න නමනීය රිටක් නැහැ.පොළවට ගැහුවම කෙළින් අතට හිටින රිටක් එක්ක තමයි ධනූජන් වාරු ගන්නෙ.ඒක නැමීමෙන් පිමිමට එකතු වෙන අමතර වාසිය ධනූජන්ට ලැබෙන්නෙ නැහැ.ඔහු රිට කෙළින් අතට යන දුර එක්ක තමන් ගන්න වාරුවෙන් මේ දුර තරණය කරන්නෙ.
මේ වන කොට මීටර් 3.00 ක් පනින්න පුළුවන්. ඊට වැඩිය ඉස්සුවම ඩේන්ජරස් නේද?
ඔහු අපෙන් අහන පැනයට වගකියන්න ඕනි අය නහුතයක් ඉන්නවා. නමුත් එහෙම වගකිවයුත්තො ප්‍රශ්න අත ඇරලා සමාජයෙ පාවෙන්න ඇරලා ඒ ගොල්ලොත් ඒ ප්‍රශ්නයම අහනවා. ප්‍රශ්න තියෙන තරමට උත්තර දෙන වගකීමක් නැති සමාජයක් ඉතුරු වෙලා තියෙන බව ධනූජන්ට තවම තේරෙන්නෙ නැතුව ඇති. ඒත් ඔහු දන්නවා මට රිටක් තිබුණනම් තව පනින්න පුළුවන් කියලා. ඒ වගෙම අතුරන්න මෙට්ට තියෙනවනම් තමන්ට තව ඉහළට ගියාට අනතුරුක් වෙන්නෙ නැහැ කියලා.
ගමේ හැටියට රිටක් ගන්න බැහැ වගෙම ඒ ගමෙත් ධනූජන්ලට ප්‍රශ්න වැඩියි.තාත්තාගේ සෙනෙහස අවුරුදු 2 ඉදලා අහිමි වෙච්චි ධනූජන් අම්මගෙ ගාමන්ට් රස්සාවෙන් තමයි ජීවිතය ගැට ගහගන්නෙ. ඒ නිවසට අම්මගෙ අම්මත් වැටිලා ඉන්නවා. ඒ නිසා පවුලෙ බඩගින්න මතුවෙන දුප්පත්කම් විසින් ඉරුණ තැන් ඔක්කොම මහගන්න ඕනි අම්ම පාඟන මැෂිමෙන්. ඒ මහලත් හිස් තැන් තියෙනවා.
පාසලේ ධනූජන් කැමතිම විෂය කෘෂිකර්මය. වගා කරන්න හරියට ආසයි. ඒත් වගා කරන්නෙ නැහැ
ඇයි
………….
ඉන්න ගේ තිබ්බට ඉඩමක් නැහැ.
ධනූජන්ට රිටි පනින්න පුළුවන්.ඔහු රිට පැනලා දිනලා ක්‍රීඩා පුහුණුකරුවෙක් වෙන්න හීන දකිනවා.ඒත් රිටක් නැහැ.මෙට්ටයක් නැහැ.ධනූජන් වගා කරන්නත් ආසයි.ඒත් වගා කරන්න ඉඩක් නැහැ.
තරුණයන්ගේ උවමනාවන් සංතර්පනය කරන්න කැරලි ගැහැව්වම වෙඩි තියන්න කියන තැනට මෙහායින් මේ සරල දේවල් හඳුනගන්න පුළුවන්නම් මේ කොල්ලො රට දිනවයි.කීර්තිය ගෙනෙයි.ගෞරවය ඇති කරයි.
මීටර් දෙකට කිට්ටුව පනින අවුරුදු 11 පහළ දරුවො ඉන්නවා.
රිෂාන්තන් ඒ හැඟීම් හොඳ තැනකට පන්නන්න මහන්සි වෙන ගුරුවරයෙක්.ඒත් එහෙම කෙනෙක් දිහා වගකීමක් තියෙන අය වගේම සමාජයට ආදරය කරන ත්‍යාගවන්තයොත් උනන්දු වෙනවද?ධනූජන්ව රැක ගැනීමට අපි නීත්‍යාණුකූලව බැදිලා නැහැ.එහෙත් සමාජ ඛේදවාචක ඉදිරියේ අපිට හුදෙකලා වෙන්නත් බැහැ.සම්පත් විෂමතාවය වගේම ඌණතාවය කියන කාරණා දෙකම තමයි ධනූජන්ට හරහට හිටලා තියෙන්නෙ.එ වගෙම රිෂාන්තගේ උත්සාහයන් මුණින් හැරවූ කළයකට වතුර වක්කරන ගානට අපතේ යන්නෙ.
කාටහරි පුළුවන් වෙයිද ධනුජන් ඇතුළු පිරිවරව මේ ප්‍රශ්නයෙන් ගොඩට පන්නන්න.එවිට රිෂාන්තන්ගේ මුණින් හැරී තියෙන කළය වතුර වැටෙන්න පුළුවන් විදිහට උඩු අතට හැරෙයි.
අපි ආදරය හඳුනන මිනිස්සු දිහා ආදරෙන්ම බලා ඉම්මු
RM