හිරු රූපවාහිනී නාලිකාවේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට හෙට (18) දිනයේ කොළඹ දිසා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබේ.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට අපහාස කිරීම සම්බන්ධයෙන් ගොනු කෙරුණු නඩුවකට අදාළව ය.
රාජකාරීමය වශයෙන් පොලිස් සේවය තුළ කීර්තිනාමයක් දිනා සිටි තමන් වෙත පසුගිය වසරේ ඔක්තෝම්බර් 19 වැනි දින ”පත්තරේ විස්තරේ” රූපවාහිනී වැඩසටහන හරහා අපහාසයක් වන අයුරින් හිරු නාලිකාව සහ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා කටයුතු කර ඇති බවට ශානි අබේසේකර මහතා විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර ඇත.
RN
සබැඳි පුවත් –