පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොල සංවර්ධනයට පියවර!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මගී පහසුකම් පුළුල් කිරීමට තීරණය කර ඇත. ඒ සඳහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් අවශ්‍ය පියවර ගන්නා ලෙස බලධාරීන්ට උපදෙස් දී ඇති බව වාර්තා වේ.

පලාලි ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙස නම් කිරීමත් සමග මේ වනවිට මගීන් 60 දෙනෙකු රැගත් යානයක් ඉන්දියාවේ චෙන්නායි සිට පලාලි දක්වා පැමිණේ.

ඉදිරියේදී ඉන්දියාවේ ඉන්ඩිගෝ සමාගමට අයත් ගුවන් යානා ද චෙන්නායි සහ පලාලි අතර ගුවන් මෙහෙයුම් සිදුකිරීමට නියමිත බවද වාර්තා වේ.

එම ගුවන් තොටුපල නිරීක්ෂණය කරමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසූවේ, එහි පහසුකම් වැඩිදියුණු කිරීම සදහා රුපියල් මිලියන 200ක් පමණ වැය කිරීමට සිදුවන බවයි.

මගී පර්යන්තය පුළුල් කිරීම සහ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයක් පිහිටුවීම ඒ යටතේ සිදුකෙරෙන බවද සඳහන් වන අතර, සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම සහ ආගමන විගමන හා රේගු නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් සැලසීම ද සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ,

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෘත්තීය සමිති ගේම් ඉවරයි – සමෘද්ධි බැංකු පද්ධතිය ගැන අලුත් අවුරුද්දේ අලුත් තීරණයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමෘද්ධි බැංකු පද්ධතිය වඩා ශක්තිමත් කරමින් ඩිජිටල්කරණ...

ඇඳ පොළවේ නැටීම දුෂ්කරය – ක්‍රීඩාවේ අසුභ සෝදා සුබ වර්ණ ගැන්වෙන නව වසරක්!

නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: අද ජනවාරි පළමුවැනි දා.ඉකුත්...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...