බුවනෙක ත්‍රිත්ව සූරතා දිනූ එස්එස්සී තරගාවලියේ නොගත් ජය සංඛේත ගාමිණි අතයි

Date:

එස්එස්සී ක්‍රීඩා සමාජය සහ බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය එක්ව ශ්‍රී ලංකා බැඩිමින්ටන් සංගමයේ මඟ පෙන්වීම යටතේ සංවිධානය කරන ලද ශ්‍රේණිගත කිරීම්වලට අදාළ ජාතික මට්ටමේ බැඩ්මන්ටන් සූරතාවයේ ප්‍රධාන ධාරවේ පිරිමි කේවල සූරතාවය දිනා ගන්නට බුවනෙක ගුණතිලක සමත් වුණා.කාන්තා කේවල සූරතාවය හිමි වුණේ වරංගනා ජයවර්ධනටයි.
බුවනෙක තරගාවලියේ ත්‍රික්ව සූරතාවලට හිමිකම් කියමින් පිරිමි යුගල සූරතාවය රන්තුෂ්ක කරුණාතිලක සමඟ එක්ව දිනා ගත් අතර නතාශා ගුණසේකර සමඟ එක්ව යුගල සූරතාවය දිනා ගත්තා.වරංගනා ද්විත්ව සූරතාවයන්ට හිමි කම් කීවේ කාන්තා යුගල සූරතාවය රශ්මි භාග්‍යා සමඟ එක්ව දිනා ගනිමින්.
වයස් කාණ්ඩ සහ ප්‍රවින අංශවලින් ද මෙම තරගාවලිය ක්‍රියාත්මක වූ අතර එහිදී ජය සංඛේත ප්‍රදානයට එක්වීමට අපොහොසත් වූ පිරිස් වේ නම් කුසලාන,සහතිකපත් සහ මුදල් ත්‍යාග සුරැකිව ඇති බව සංවිධායක මණ්ඩලය මාධ්‍යට කරුණු දක්වමින් කියා සිටියා.එම සියල්ල 0722247109 ට දුරකතන ඇමතුමක් දී ගාමිණි ජයසූරිය මහතා වෙතින් ලබා ගැනීමට කටයුතු සකසා තිබෙන බව ද දැණුම් දුන්නා.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...