හෙට (ඹක්තෝම්බර් 18 ) මධ්‍යම පළාත් සභාව ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම්ලාභීන් සහ ඔවුන්ගේ පුහුණුකරුවන් අගයන්නට කටයුතු සූදානම් කර තිබෙනවා.එහිදී තරුශි කරුණාරත්න සහ ඔහුගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු ද සමඟ මීටර් 400 පිරිමි සහය දිවීමේ තරගයේ ලෝකඩ පදක්කම්ලාභී කණ්ඩායමේ අරුණ දර්ශන ද අගයන්නට නියමිතයි.එහෙත් අරුණගේ පුහුණුකරු වන අසංක රාජකරුණා මේ නම් අතර සඳහන් වන්නේ නැහැ.
මෙය එක්තරා ආකාරයකට සුසන්ත ප්‍රනාන්දුට ඇති කරන කැළලක් ලෙස ගත හැකියි.ඔහු විසින් නිර්මාණය කරන ලද තරුශි ආසියාවට අභිමානයක් එක් කර ඔහු සමඟ සම්මාන ලබන වේදිකාවේ,සුසන්ත යටතේම අධ්‍යාපනය ලබා ආසියානු පදක්කමකට යා හැකි ක්‍රීඩකයෙක් තැනීම වෙනුවෙන් පුහුණුකරුවෙක් බවට පත් වී සිටින සුසන්තගේ ගෝලයෙක් සම්මාන ලබන්නේනම් එහි විශාලම ආඩම්බරය සුසන්තටයි.
එසේම මධ්‍යම පළාතේ ඇගයීමකදී වලලින් හැදුණ ක්‍රීඩිකාවක් සහ පුහුණුකරුවෙක් එකට සම්මාන ලැබීමත් වලලට ස්වර්ණමය අවස්ථාවකි.ඒ අනුව වලලට ද මධ්‍යම පළාත් සභාව ඒ අවස්ථාව අහිමි කර ඇත.
මීට පෙර ආසියානු මලල ක්‍රීඩා සූරතාවයක් පදනම් කරගෙන ඇගයීම් කරද්දි එම සංචාරයේ නොසිටියද පුහුණුකරුවෙක් ලෙස සුසන්ත අගය කළ මධ්‍යම පළාත් සභාව,මේ මොහොතේදී ඊට වඩා කිහිප ගුණයකින් ප්‍රබල ක්‍රීඩා තරගාවලියකදී පුහුණුකරු සංචාරයට එක් නොවුණ නිසා අගයන්නේ නැති බව පවසන්නේනම් එය අමනෝඥ තීරණයකි.එක අවස්ථාවක එක විදිහකටත්,ඊටත් වඩා සංකීර්ණ තත්ත්වයකදී ඊට වඩා වෙනස් ප්‍රතිපත්තියකින් වැඩ කිරීමට කවුරු යෝජනා කළත් එම තකතීරුකමේ වැඩි බර වැටෙන්නෙ පළාත් ආණ්ඩුකාරවරයා,අමාත්‍යංශ ලේකම්වරයා ප්‍රමුඛ ඉහළ නිලධාරීන්ටයි.
අප මේ ආකාරයටම ශ්‍රී ලංකා ක්‍රිකට් තරුශිව පමණක් ඇගයීමට තීරණය කළ මොහොතේ ඔවුන්ට කළ කරුණු දැක්වීමකදි එහි ජාතික වටිනාකම තේරුම් ගෙන සුසන්ත ප්‍රනාන්දුටද ත්‍යාග මුදලක් පිරිනමන්නට තීරණය කළ අතර,රිදී පදක්කම්ලාභී නදීශා සහ ඔහුගේ පුහුණුකරු ප්‍රමුඛ කර ගනිමින් අන් ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් දෙස ද බලන්නට එකඟවණි.
ක්‍රීඩකයන්ටවත් තරග සංචාර සඳහා මුදල් ලබා දෙන්නට නොහැකි තරමට හිදුණු අමාත්‍යංශයකට ක්‍රීඩකයන් යවා ගන්න බැරි තත්ත්වයක් තුළ පුහුණුකරුවන් යැවිය හැකිදැයි මධ්‍යම පළාත් සභාව කල්පනා කළ යුතුය.ඔවුන්ට ඇගයීමට ඇත්තේ සිව් දෙනෙකි.ඉන් එක් අයෙක් පමණක් නොසළකා හැරීම යනු ලැජ්ජා සහගත කුහකකමක් පමණි.අවසාන මොහොතේ හෝ මධ්‍යම පළාත් සභාවට සිය කුහක පිළිවෙත වෙනස් කර නිවැරදි දේ කරන්නට බුද්ධිය පහළ වේවා යැයි අපි පතන්නෙමු.
සටහන – නිෂ්මං රණැසිංහ
