වොෂින්ටන් බෞද්ධ විහාර කඨින පිංකම 22 දා. ධාතු කරඬුව වැඩමවීම තානාපති මහින්ද අතින්

Date:

අශෝක ජයතුංග
වොෂින්ටන් නුවර(LNW)
: වොෂින්ටන් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම හා සිවුරු පූජාව ඔක්: 22 ඉරිදා පෙව: 10 ට ආරම්භ වන බවත් , එම පිංකමට එක්වන ලෙස විහාරයේ දායකයන් හා හිතවතුන්ට ඇරයුම් කරන බවත් එම දායක සභාව පවසයි.

කැනඩාවෙි ප්‍රධාන සංඝ නායක පඤ්‍ඤාලෝක නාහිමි සමඟ ධම්මසිරි, පඤ්ඤාතිස්ස හා රතනසීහ හිමිවරුන් මෙවර වස් සමාදන්ව වස් ශීලය රැක තිබේ.

මෙවර පිංකමේ අනුග්‍රහය සපයන්නේ වියට්නාම් බෞද්ධයන් වන ලෙයි ඩුයි පන්, ලින් ලොන්ග් ඩිංසන් හා කෙවින් මේ ලී මහත්වරුන් ප්‍රමුඛ වොෂින්ටන් මෙට්‍රොපොලිටන් හි දායකයන් විසිනි.

මෙවර ධාතු කරඬුව වැඩමවීම වොෂින්ටන් DC හි ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ගේ සුරතිනි. බෞද්ධ පෙරහැර, බුද්ධ පූජාව, දහවල් දානය, කඨින සිවුරු පූජාව, රාහුල නාහිමි පවත්වන විශේෂ ධර්ම දේශනාව හා ආශීර්වාද දේව මෙහෙයක්ද පැවැත්වේ.

පැමිණෙන සියලු ගිහි භවතුන්ට දිවා ආහාරය පිරිනැමීම සිදු කෙරෙන අතර, විවිධ විහාරස්ථාන වලින් වැඩමවූ හිමිවරු 20 නමක් ද මෙම පිංකමට එක්වීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...