මෙරට පාසල් ඩිජිටල්කරණය සඳහා හුවාවි සමාගම සමඟ ජනපති ගිවිසුම් ගත වේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද ( 17) දින ජනාධිපතිවරයා විසින්, ශ්‍රී ලංකාවේ පාසල් ඩිජිටල්කරණය සඳහා හුවාවි සමාගමේ සහාය ලබාදීම පිළිබඳ ගිවිසුමකට අත්සන් තබනු ලැබීය.

මෙම ගිවිසුමට අත්සන් තැබීම සිදු වූයේ, චීන සංචාරය අතරතුර අද දින ජනාධිපතිවරයා බීජිං නුවර හුවාවි සමාගමේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ සිදුකළ සංචාරයක් අතරතුරදීය.

මෙම ගිවිසුම අත්සන් කෙරුණේ, චීනයේ හුවාවි (Huawei) තාක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ හුවාවි ආසියා පැසිෆික් කලාපීය සභාපති සයිමන් ලින් (Simon Lin) මහතා අතරයි.

ශ්‍රි ලංකාවේ මෘදුකාංග හා දෘඩාංග ඉංජිනේරුවන් වාර්ෂිකව බිහි කිරීමේ අධ්‍යයන වැඩසටහනක් වෙනුවෙන් සහාය ලබාදීමට තම සමාගම සූදානම් බවද ඒ මහතා එහිදී වැඩිදුරටත් පැවසූ අතර, තම සමාගම දැනටමත් තාක්ෂණ හා යටිතල පහසුකම් සැපයිමේ කාර්යයට අමතරව ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල කිහිපයක් සමගම අධ්‍යයන කාර්යයන්ට සම්බන්ධ ආධාර උපකාර සැපයීමේ ක්‍රියාවලියක් ආරම්භ කර තිබෙන බව ද කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ තමන් මෙවර හුවාවි කේන්ද්‍රස්ථානයට පැමිණියේ ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව සාකච්ඡා කිරීමට බවත්, ඩිජිටල් අධ්‍යාපන ක්‍රමවේදය සහ හරිත බලශක්ති නිෂ්පාදනය සම්බන්ධයෙන් චීන රජයේ මෙන්ම හුවාවි සමාගමේ සහාය ද ශ්‍රී ලංකාවට ඉතා වැදගත් බව ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, අනාගත ලෝකයට ශක්තිමත්ව මුහුණදීම සඳහා ශ්‍රී ලංකාවේ ඉතා තරගකාරී ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් නිර්මාණය කළයුතු බවත්, ඒ සඳහා මූලික පදනම දැන් සැකසෙමින් පවතින බවයි.

ආර්ථිකය සමගම ලාංකේය පුරවැසියන්ද ඩිජිටල් තාක්ෂණයෙන් බල ගැන්වීමේ වැදගත්කම පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක්වී ඇත.

මෙහිදී ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ දැනුවත් භාවය උදෙසා, හුවාවි සමාගම විසින් ඔවුන් සිදුකරන ජාත්‍යන්තර සේවාවන් පිළිබඳව මෙන්ම ඔවුන්ගේ නවතම තාක්ෂණ ක්‍රමවේදයන් සහ උපකරණ පිළිබඳවද දැනුවත් කිරීමක් සිදුවිය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එයාර් ඉන්දියා ගුවන් යානයේ අනතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට! ඡායාරූප සහිතයි! (Updates)

සටහන – පුලීජූනි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එයාර් ඉන්දියා ගුවන්...

පොලිස් ස්ථානාධිපතිවරු 34කට ස්ථාන මාරු!

කොළඹ LNW:පොලිස් ස්ථානාධිපතිවරුන් 34කට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව...

අනතුරට ලක් වූ එයාර් ඉන්දියා ගුවන් යානයේ නවතම තත්ත්වය! (Updates)

සටහන – පුලීජූනි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අහමදාබාද් ගුවන්තොටුපළ අසල...

ලන්ඩනය දෙසට ගමන් ගත් එයාර් ඉන්දියා ගුවන් යානාවක් අහමදාබාද් ගුවන් තොටුපළ අසලදී අනතුරකට ලක් වෙයි!

සටහන – පුලීජූනි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රහස්පතින්දා(අද) දහවල්...