අපි වගකීමෙන් කියනවා ගල් අඟුරු වංචාවක් වෙලා නෑ. අපි නිසි ප්‍රමිතියට ගල් අඟුරු ගෙනල්ලා තියෙනවා – ඇමති දිනිඳු

ගල් අඟුරු ආනයනයේදී කිසිදු වංචාවක් සිදුව නැතැයි තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා පවසයි.

“විපක්ෂය දැන් දිගින් දිගටම කියමින් ඉන්නවා ගල් අඟුරු ගේන එක ඇතුළෙ වංචාවක් සිද්ධ වුණා කියලා. අපි වගකීමෙන් මේ අම්මා තාත්තාට කියනවා, ගල් අඟුරු ඒ කියන ක්‍රියාවලිය ඇතුළේ කිසිදු වංචාවක් වෙලා නෑ. මොකද අපි ප්‍රමිතියට, නිසි ක්‍රමවේදයට ගල් අඟුරු ගෙනල්ලා තියනවා. අධිකරණ ක්‍රියාවලිය යනකොට ඔබට තේරෙයි කවුද හොරාකෑවෙ කියලා”

දිනිඳු සමන් හෙන්නායක නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ බදුල්ල, ලෙජර්වත්ත ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

කෙසේවෙතත් දැනට ගෙන්වා ඇති ගල් අඟුරු නැව් 9ක් ප්‍රමිතියෙන් තොර බව විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කරන ලද විශේෂ විගණන වාර්තාවකින් ද තහවුරු කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෝටි 30ක මත්ද්‍රව්‍ය තොගයක් සමග අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල රුපියල් කෝටි 30කට අධික වටිනාකමින් යුත්...

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...