හමාස් සටන් කරුවන්ගේ යුද ගින්නෙන් දැවී ගිය අනුලා !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අනුලා ජයතිලක නමැති ශ්‍රී ලාංකික කාන්තාව, ඊශ්‍රායලයේදී අතුරුදන් වූ මියගොස් ඇතැයි ඊශ්‍රායල බලධාරීන් විසින් තහවුරු කළ බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසා ඇති අතර , එම කාන්තාව හමාස් සටන් කරුවන් අතින් ඝාතනය වී ඇති බවට එරට බලධාරීන් විසින් තහවුරු කරයි.

ඇයගේ දේහය දින දෙකක් තුළ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත භාර ගැනීමට නියමිත අතර, පසුගිය සතියේ ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පසුව ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනකු අතුරුදන් වී ඇතැයි වාර්තා පළ විය.

ඊශ්‍රායල හමුදාව විසින් උතුරු ප්‍රදේශයේ මිලියනයක් පමණ ගාසා වැසියන් ඉවත් කරන ලෙස නියෝග කිරීමෙන් පසුව, උතුරු ගාසා තීරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 27 දෙනෙකු පලස්තීන ප්‍රදේශයේ දකුණු ප්‍රදේශය දෙසට ගමන් කරන බව අද උදෑසන ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසීය.

මේ අතර දකුණුදිග ලෙබනනයේ සේවයේ නිරතව සිටින සියලු ශ්‍රී ලාංකිකයින් වෙත එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර ඇති අතර, ඒ තමන්ගේ නම සහ දුරකථන අංක හැකි ඉක්මණින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙතට දැනුම්දෙන ලෙසයි.

අදාළ තොරතුරු,

070386754 – පළමු ලේකම් සනත් බාලසූරිය
071960810 – පරිවාරක නිලධාරී ප්‍රියන්ත දසනායක

විද්‍යුත් ලිපිනය – [email protected]

යන අංක වෙත ලබාදිය හැකි බව දැනුම් දී ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...