(VIDEO) ශක්තිමත් විපක්ෂයක් සඳහා දේශපාලන ප්‍රබලයින් පිරිසක් ලොකු වැඩක,රටේ වත්මන් තත්ත්වය ඇත්තටම විනිවිදද?

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18 , කොළඹ (LNW):

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවසන් දිනය අදට (18) යෙදී තිබේ. මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ මෙතෙක් තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි වූ ඡන්ද දායකයින්ට ඒ සඳහා අද දිනයේ අවස්ථාව සලසා දී ඇති බවය.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස වැඩභාර ගෙන තිබේ. ඔහු එම තනතුරට පත්කරන ලද්දේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය සම්පත් අමරතුංග මහතා පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුවය.

ගංවතුරට හසු වු ආහාර පාරිභෝගිකයින්ට අලෙවි කරන වෙළෙඳසැල් ඇත්නම් ඒ පිළිබඳ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාව දැනුම්වත් කරන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලිමක් කර තිබේ. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික සෞඛ්‍ය, වෘත්තීය සෞඛ්‍ය හා ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා සඳහන් කළේ පසුගිය සමයේ එවැනි සිදුවිම් වාර්තා වු බවය.

විගමනික ශ්‍රමික ප්‍රජාවගේ නොවිසඳුණු ගැටල හා ජාවාරම්වලට එරෙහිව කටයුතු කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව එම වැඩසටහන “සභාපතිට කියන්න ” ලෙස නම් කර ඇති අතර එය ජනගත කිරීම පසුගියදා කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ දී සිදු කළා.

මහ මැතිවරණය සඳහා වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එය බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. පෙත්සම ඉදිරිපත් කර තිබුණේ පක්ෂයේ බලයලත් නිලධාරී පරරාජාසිංගම් උදයරාසා සහ තවත් අපේක්ෂකයින් දෙදෙනෙක් විසින්.

 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනීතිකව උපයාගත් දේපල ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : 2025 වසරේදී මෙන්ම...

ගිලා බැසීමෙන් අවහිර වී තිබූ කාසල්රි මාර්ගය නැවතත් ගමනාගමනයට ඉඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඊයේ (12) දින...

එක්දින තරගාවලි ජය බංගලාදේශ ගැටවරයන්ට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: බංගලාදේශ අවුරුදු 17 න්...

කැනේඩියානු රජයෙන් ශ්‍රී ලංකාව යළි නගා සිටුවීමට සහය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : කඩා වැටුණු ශ්‍රී...