ගම්මන්පිල ඇමති විජිතගෙන් දිනයක් සහ වේලාවක් ඉල්ලයි!

Date:

කොළඹ LNW:පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රසිද්ධ නොකරන ලද කොමිෂන් සභා වාර්තා සහ විශේෂයෙන් ඒවායෙහි ඇමිණුම් භාර දීම සඳහා අමාත්‍ය විජිත හේරත් මහතාගේ දිනයක් සහ වේලාවක් ඉල්ලා සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ අද (18) සර්ව ජන බලය විසින් පැවත්වූ මාධ්‍ය හමුවේදීය.

රාජ්‍ය රහස් වන එම ඇමිණුම් භාර දීම සඳහා දිනයක් සහ වේලාවක් ලබා ගැනීමට විජිත හේරත් අමාත්‍යවරයා දුරකථනය හරහා සම්බන්ධ කර ගැනීමට උත්සහ කළද අමාත්‍යවරයා ඊට නිසි ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් සිය ඉල්ලීම සහිතව ලියාපදිංචි තැපෑලෙන් අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකළ බවයි ගම්මන්පිල මහතා කියා සිටියේ.

”මෙතන මම වරදක් කරන්නේ නැහැ. ඇත්තෙන්ම මෙතෙන රාජ්‍ය රහස වෙන්නේ මෙම කමිටු වාර්තාවල තිබෙන ඇමිණුම්. මම විජිත හේරත් ඇමතිතුමාට දුරකථනයෙන් කතා කළා. මේ ඇමිණුම් ටික මම භාර දෙන්න සූදානම් දිනයක් සහ වෙලාවක් කියන්න කියල. ඇමතිතුමා දුරකථනයට උත්තර දුන්නේ නැහැ. මගේ මේ දුරකථන අංකය අවුරුදු 22ක් පරණයි. අවුරුදු 25ක් පුරාවට විජිත හේරත් මැතිතුමාත් මමත් දුරකථනයෙන් කතා කරනවා. ඒපාර මම එතුමාට කෙටි පණිවිඩයක් යැව්වා මම උදය ගම්මන්පිල හැකි ඉක්මණින් මාව අමතන්න කියල. ඒකටත් මේ දක්වා ප්‍රතිචාරයක් නැහැ. එතුමා හිතාමතා මාව මඟහරින බවක් පෙන්නේ. ඒ නිසා මම එතුමාට අද ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් දැම්මා මෙහෙම ඇමිණුම් මා ළඟ තියෙනවා. ඒවා භාරදෙන්න දිනයක් සහ වෙලාවක් දෙන්න කියල. අපි ප්‍රසිද්ධ කරන්නේ කොමිෂන් වාර්තා පමණයි. ජාතික ආරක්ෂාවට සංවේදී කිසිම ඇමිනුමක් අපි ප්‍රසිද්ධ කරන්නේ නැහැ. නීතියේ තිබුණත් නැතත් එය රටට ආදරේ කෙනෙක් විදිහට අපේ යුතුකමක් වගකීමක් ලෙස සලකනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

මේ අතර ජනාධිපතිවරයා විසින් එම වාර්තා ප්‍රසිද්ධ කර තමන්ගේ බෝම්බය නිෂ්ක්‍රීය කිරීමේ අවස්ථාව එළඹෙන සදුදා වන තෙක් තිබෙන බවද ගම්මන්පිල මහතා කියාසිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...