ඇමති වටගල වාචිකව නිවැරදි කළාට මන්ත්‍රීනී ලක්මාලි අධිකරණයට කළ අපහාසය අහෝසි වෙන්නෙ නෑ – නීතීඥ තාරක

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා වාචිකව නිවැරදිකිරීමක් සිදුකළ ද ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය පසුගියදා පැවති රජයේ වැඩසටහනකදී සිදුකළ ප්‍රකාශයක් තුළින් අධිකරණයට සිදුවූ අපහාසය අහෝසි නොවන බව සමගි ජන බලවේගයේ නියෝජ්‍ය නීති ලේකම් තාරක නානායක්කාර මහතා පවසයි.

“මේ අය බලයට ආවෙ ස්වාධීන අධිකරණ පද්ධතියක්, ස්වාධීන නීති පද්ධතියක් නිර්මාණය කරනවා කියලා. ඒ වුණාට මේ අය කරන්න හදන්නෙ, ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ ඒ වීඩියෝවෙ දැක්වෙන විදිහට අධිකරණ තීන්දු පවා ක්‍රියාත්මක නොකර ඉන්න රජයේ නිලධාරීන් බලපෑම් කරන එක. හැබැයි අපි රජයේ නිලධාරීන්ට කියනවා කරුණාකරලා ආණ්ඩුවේ අනීතික නියෝග පිළිපදින්න ගිහිල්ලා අමාරුවේ වැටෙන්න එපා. වටගල ඇමතිතුමා වාචිකව නිවැරදි කළාට ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීතුමිය කරපු අපහාසාත්මක ප්‍රකාශය අහෝසි වෙන්නෙ නෑ”

නීතීඥ තාරක නානායක්කාර මහතා මේ බව පැවසුවේ ඊයේ (17) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග...

මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : පසුගිය දවස්වල සිදු...

හිටපු ඇමති සී. බී. රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB...

මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා දින තුනක් තුළ යථා තත්ත්වයට!

කොළඹ LNW:ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි...