මේ පාර පළාත් සභාවට නාමයෝජනා දෙන්න නම් පොලිස් වාර්තාවක් ගන්නවා – නාමල්

කොළඹ LNW: පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බවට ආණ්ඩුව ප්‍රකාශ කර ඇති හෙයින් නාමයෝජනා ලබා දීම ගැන පක්ෂයක් ලෙස තීන්දුවක් ගත යුතු වන අතර මෙවර නාමයෝජනා දීමට පෙර මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධද නැද්ද යන්න පිළිබඳව පොලිස් වාර්තාවක් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (17) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
කෙසේවෙතත් මේ වන විට ජනතා සිතුම් පැතුම් හඳුනන තරුණ කණ්ඩායමක් පක්ෂයේ තරුණ සංවිධානය සමඟ එක්ව සිටින බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත් දේශපාලන බලවේගයක් ලෙස ගම තුළ ගොඩනැගෙමින් පවතින බවද රාජපක්ෂ මහතා කියාසිටියේය.

සන්ධනගතවිමක් සිදුවන්නේද යන්න මාධ්‍ය කළ විමසීමට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ, ”අනිත් පක්ෂ එක්ක සාකච්ජා කරනවා. වමේ දේශපාලන කදවුරේ පක්ෂ බොහොමයක් ඉන්නවා. නායිකා නායිකාවන් බොහොමයක් ඉන්නවා. මැතිවරණය ගැන කිව්වම බලමු ඉදිරිපත් වෙනේ කොහොමද කියල. හැබැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත් දේශපාලන බලවේගයක් ලෙස ගම්වල ගොඩනැගෙමින් පවතිනවා.” යනුවෙනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දැදුරු ඔය ගංවතුර මට්ටමට – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

කොළඹ LNW:දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු...

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...