දැන් අපේ රටේ ඉන්නේ පාලකයොයි පාලිතයොයි නෙවෙයි, ජනතාවයි ජනතාවගේ සහෝදරයොයි – ඇමති ලාල්කාන්ත

සටහන – රුවන් නෙළුගොල්ල

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාවේ සිටින්නේ පාලකයින් හා පාලිතයින් නොවන බවත් දේශපාලනික වශයෙන් සිදුකර ඇති ගැඹුරුම වෙනස එය බවත් කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

“ඔය ආපු අවුරුදු 76 වගේ ඔහේ යනවද ? එහෙම නැත්නම් අපි දැන් ලංකාව වෙනස් කරමින් ඉන්නවද ? මේක ටිකක් ගැඹුරින් බලන්න ඕනෙ ඔය මතුපිට යන කතා පැත්තක තියලා. දැන් අපේ රටේ ඉන්නේ පාලකයොයි පාලිතයොයි නෙවෙයි. ඒක තමයි දේශපාලන වශයෙන් කරලා තියෙන ගැඹුරුම වෙනස. එහෙනම් කවුද ඉන්නෙ ? දැන් ඉන්නවා ජනතාවයි, ජනතාවගේ නියෝජිතයොයි. අනුර සහෝදරයා ජනතාවගේ නියෝජිතයෙක් මිස ජනතාව යටකරගෙන, තළාගෙන, පෙළාගෙන ඉන්න පාලකයෙක් නෙවෙයි. අපි ජනතාවගේ සහෝදරයෝ ! අපි ආණ්ඩුවක් හදලා තියෙනවා හොරකම, වංචාව, දූෂණය, නාස්තිය නැති කරපු නෙවෙයි සීරෝ කරපු”

අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ පෙරේදා (17) කොළඹදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ලංකා ගුරුසේවා සංගමයේ ජාතික සමුළුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රීලන්කන් ගුවන් සේවය හැකර් ප්‍රහාර වාර්තා ප්‍රතික්ෂේප කරයි…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රීලන්කන් ගුවන් සේවය...

සුඩාන හමුදාවෙන් ඩ්‍රෝන යානා ප්‍රහාරයක්: 300කට අධික සංඛ්‍යාවක් මිය යයි.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : සුඩානයේ හමුදාවට ඩ්‍රෝන...

බස්නාහිර පළාතට අධික වර්ෂාවක් : කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව ආසන්නයේ...

OHCHR ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා...