ලබන වසරේ 1 හා 6 වැනි ශ්‍රේණියට පෙළපොත් නෑ!

Date:

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ලබන වසරේ 1 හා 6 ශ්‍රේණි සඳහා පෙළපොත් වෙනුවෙන් ක්‍රියාකාරකම් සහ මොඩියුලර් ලබා දීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මේ වන විට ඒවායේ මුද්‍රණ කටයුතු සිදුවන අතර උක්ත ප්‍රතිසංස්කරණ යටතේ පාසල් පොත් බෑගයේ බර අඩු වීමට නියමිත අතර විෂය නිර්දේශයෙන්ද දරුවන්ට සහනයක් ලැබෙන බවයි අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කරන්නේ.

”අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එක්ක 1 සහ 6 වසර අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට යටත් වෙනවා ලබන අවුරුද්ද වෙනකොට. එතකොට අනෙකුත් වසරවලට පෙළපොත් සහ 6 වසරට මොඩියුල් 106ක් නිකුත් වෙන අතර ප්‍රාථමික අධ්‍යාපනයේ මූලික අදියරවලට අපි ක්‍රියාකාරී සැලසුම් ගැන පොතක් තමයි නිකුත් කරන්නේ. මේ වසර අවසන් වෙද්දී සියලුම මුද්‍රණ ආයතන වලින් පෙළපොත් ලබාගෙන අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මඟින් තමයි ලංකාව පුරාම පෙළ පොත් සහ මොඩියුලර් බෙදාහැරීම සිදුකරන්නේ.” යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මනූෂ අත්අඩංගුවට නොගන්නා බව CIDය දැනුම් දෙයි. FR පෙත්සම ඉල්ලා අස්කර ගනී

සටහන - රුවන් නෙළුගොල්ල කොරියානු වීසා සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අපරාධ...

දේශපාලනය කියන්නෙම මනුස්සකම ….

නන්දන ගුණතිලක ගැන අවශ්‍ය තරම් සටහන් ලියවිලා තිබ්බ. ගිය...

කුණාටුවෙන් බලපෑමක් නැහැ.නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකයට අනුව 2025 දෙසැම්බර් මාසයේ...

අපි දකින ලෝකය වත්මන් ආණ්ඩුව දකින ලෝකයට වඩා ගොඩක් වෙනස්: නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : රටක් ලෙස නවීකරණය...