කිරිඳිවැල සිනමා ශාලාවක සඟවා තිබූ ගිනිඅවි සහ ජීව උණ්ඩ තොගයක් අත්අඩංගුවට !

කිරිඳිවැල ප්‍රදේශයේ සිනමා ශාලාවක සඟවා තිබූ ගිනිඅවි, ජීව උණ්ඩ සහ ජීව අත්බෝම්බ සමග සැකකරුවකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමට ලද තොරතුරක් අනුව ඊයේ (17) සවස කිරිඳිවැල පොලිස් වසමේ හංවැල්ල පාර ප්‍රදේශයේ සිනමා හලක් සෝදිසි කිරීමේදී මේවා හමුවී ඇති බව සඳහන්.

එහිදී එම සිනමා ශාලාව තුළ තිබී විදෙස් රටක නිෂ්පාදිත පිස්තොල අවි 02, රිවෝල්වර් අවියක්, විදෙස් රටක නිෂ්පාදිත රීපිටර් අවියක්, විදෙස් රටක නිෂ්පාදිත බොර 12 අවියක්, බෝර 12 ජීව පතොරොම් 398ක්, බෝර 16 ජීව පතොරොම් 278, පොයින්ට් 32 අවියට යොදන ජීව පතොරොම් 49ක්, පොයින්ට් 32 අවියට යොදන ජීව පතොරොම් 3083ක් සහ ජීව අත්බෝම්බ 02ක් අත් අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.

එමෙන්ම මෙම අවි ආයුධ තොගය සමග මිල්ලතේ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයකු ද පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

කොලඹ දිසා අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටහිර ඉවුරේදී යුරෝපා රාජ්‍යතාන්ත්‍රිකයන්ට ඊශ්‍රායල පදිංචිකරුවන්ගෙන් ප්‍රහාරයක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 18: පලස්තීන බටහිර...

වැසි තත්වයේ වෙනසක් – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 18) දිනයේදී දිවයිනේ බොහෝ...

නාමල්ගේ පෞද්ගලික ලේකම්ගේ නිවසේ තිබූ සේප්පුවක් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

කාවන්තිස්ස මහ ඇතුගේ අවසන් කටයුතු සියඹලන්ගමුවේදී සිදුකෙරේ. විපක්ෂ නායක සජිතුත් එක්වෙයි

මෙරට සිටි විශාලතම හස්තියකු වූ කාවන්තිස්ස ඇතුගේ දේහය පිළිබඳ...