අග්බෝට කරදරයක්ද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW :

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නියෝග මත අග්බෝ ඇතු සෙවීම සඳහා විශේෂ හමුදා කණ්ඩායමක් පිටත් වේ!

අග්බෝ ඇතා සොයා ගැනීමේ කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් පරිසර අමාත්‍යවරයා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා අග්බෝ ඇතා සොයා ගැනීමේ මෙහෙයුම සඳහා විශේෂ හමුදා කණ්ඩායමක් පිටත් කර යවා ඇත.

අග්බෝ ඇතා සිටින ස්ථානය හඳුනාගෙන ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරේ.

වන අලි සම්පත ආරක්ෂා කිරීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින්, අදාළ රාජ්‍ය ආයතනවල සහයෝගයෙන් අග්බෝ ඇතා සොයා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කෙරේ.

මේ අතර, කාවන්තිස්ස ඇතාගේ මරණය සහ වන අලින්ට එල්ල වන තර්ජන පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පොලිසිය වෙත පරිසර අමාත්‍යංශයෙන් පැමිණිල්ලක්

බොහෝ දෙනාගේ ආදරයට හා ගෞරවයට පාත්‍ර වූ ‘කාවන්තිස්ස’ නමැති ඇතාගේ මරණය සහ වන අලි සම්පත ඉලක්ක කරගනිමින් කිසියම් සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේ ද යන්න පිළිබඳව කඩිනම් හා විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස පරිසර අමාත්‍යාංශය විසින් පොලිස්පතිතුමා වෙත අද දින (18) නිල වශයෙන් ඉල්ලීමක් සිදු කර ඇත.

කාවන්තිස්ස ඇතාගේ මරණයත් සමඟ රට හමුවේ දැඩි කම්පනයක් මෙන්ම සමාජය තුළ දැඩි කතිකාවතක් නිර්මාණය වී ඇති පසුබිමක වන අලින්ට වෙඩි තැබීම ඇතුළු විවිධ උපක්‍රම මඟින් වන සතුන් ඝාතනය කිරීම මෙරට ජෛව විවිධත්වයට හා වනජීවී සංරක්ෂණයට එල්ල වන දැවැන්ත තර්ජනයක් වන බැවින්, මෙම සිදුවීම පිටුපස කිසියම් සංවිධානාත්මක වැඩපිළිවෙළක් පවතින්නේ ද යන්න අනාවරණය කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණයි.

පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ලිඛිතව යොමු කරන ලද ඉල්ලීම මඟින් කාවන්තිස්ස ඇතාගේ මරණය ඇතුළුව මෙරට වන අලි ඝාතනය කිරීම පිටුපස කිසියම් සැලසුම් සහගත කුමන්ත්‍රණයක් හෝ සංවිධානාත්මක ජාලයක් පවතින්නේ ද යන්න සොයා බැලීම සඳහාත් මෙම අපරාධයට සම්බන්ධ සියලු වගකිවයුත්තන් නොපමාව හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම මෙන් ම මෙරට වන අලි සම්පත ආරක්ෂා කිරීමේ ජාතික වගකීම පෙරදැරිව, ක්ෂණික විමර්ශනයක් මඟින් සත්‍ය තොරතුරු හෙළිදරව් කර ගැනීම යන කරුණු පිළිබඳ අවධාරණය කර ඇත.


මෙම සිදුවීමේ බරපතලකම සලකා බලා, අදාළ පරීක්ෂණ ඉතා කඩිනමින් අවසන් කරන ලෙසත්, විමර්ශනවල ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව පරිසර අමාත්‍යාංශය නිරන්තරයෙන් දැනුවත් කරන ලෙසත් වැඩිදුරටත් ඉල්ලීම් සිදු කර තිබේ. මේ වන විටත් වනඅලි ඇතුන් සහ වනසතුන්ට සිදු කරන හිරිහැර සහ ඝාතන පිළිබඳ වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිද හමුදාව, විශේෂ කාර්ය බලකාය සහ පොලිසීය ඒකාබද්ධ මෙහෙයුම් සහ වැටලීම් මෙන් ම නෛතික ක්‍රියාමාර්ග ගනිමින් පවතී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලංගොඩ කස්සප හිමිට කිසිම පහර දීමක් වෙලා නැහැ.චෝදනා අසත්‍යයි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

කොළඹ LNW:විහාර මහාදේවි උද්‍යානයේදී පය ලිස්සා වැටීම හේතුවෙන් ඊයේ...

සිසුන්ගේ අධ්‍යාපනික බර ලිහිල් කිරීමට සැරසෙන අගමැති හරිනි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ අධ්‍යාපන...

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ කාන්තා වීරවරියන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකේය අභිමානය රැගෙන යන මානෙල් ජයසිංහ

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ කාන්තා වීරවරියන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකේය අභිමානය රැගෙන යන මානෙල් ජයසිංහ

රටපුරා විදුලිය විසන්ධි වීම ගැන පරීක්ෂණ වාර්තාව මාසයකින්!

කොළඹ LNW:දිවයින පුරා ඊයේ (17) දිනයේදී සිදුවූ හදිසි විදුලි...