බලංගොඩ කස්සප හිමිට කිසිම පහර දීමක් වෙලා නැහැ.චෝදනා අසත්‍යයි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

කොළඹ LNW:විහාර මහාදේවි උද්‍යානයේදී පය ලිස්සා වැටීම හේතුවෙන් ඊයේ (17) පස්වරු 8.30 ට පමණ ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ප්‍රතිකාර සඳහා පැමිණි බලංගොඩ කස්සප ස්වාමීන් වහන්සේ පැයකට පමණ පසුව ප්‍රතිකාර තවදුරටත් අනවශ්‍ය බව දන්වා රෝහලෙන් බැහැරව ගොස් තිබේ.

උන්වහන්සේට අදාළව එක්ස් කිරණ පරීක්ෂණයන්, අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයන්, ලේ පරීක්ෂාවන් සිදු කිරීමට කටයුතු කර ඇති අතර ඒවායේ කිසිදු වැරැද්දක් ඇති බවට ඒ අවස්ථාවේදී සටහන් වී නොමැති බව සඳහන්.

උන්වහන්සේගේ හිසට පහර වැදුණු බව පැවසීම නිසා වෛද්‍යවරුන් උන්වහන්සේට යෝජනා කර ඇත්තේ හදිසි අනතුරු ඒකකයෙන් වාට්ටුවකට ඇතුලත් කර උන්වහන්සේව පූර්ණ ලෙස පරීක්ෂාවට හා නිරීක්ෂණයට ලක් කළ යුතු බවයි.

එහෙත් උන්වහන්සේ එම ප්‍රතිකාරයන් අවශ්‍ය නොවන බව පවසා රෝහලෙන් පැයකට පමණ පසු රාත්‍රී 9.30 ට පමණ ආසන්න වෙලාවකදී ශ්‍රී ලංකා ජාතික රෝහලෙන් බැහැරව ගොස් ඇති බව ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා පවසා ඇත.

ඒ අනුව ඊයේ රාත්‍රියේ සිදුවූ බව කියන පහරදීමක් සිදුව නැති බවත් අසත්‍ය ප්‍රචාර සමාජගතකරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලෙන් නවලෝක රෝහලට

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති මහින්ද...

අග්බෝට කරදරයක්ද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ...

සිසුන්ගේ අධ්‍යාපනික බර ලිහිල් කිරීමට සැරසෙන අගමැති හරිනි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ අධ්‍යාපන...

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ කාන්තා වීරවරියන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකේය අභිමානය රැගෙන යන මානෙල් ජයසිංහ

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ කාන්තා වීරවරියන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකේය අභිමානය රැගෙන යන මානෙල් ජයසිංහ