රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 3 වැනි පරිච්ඡේදයේ ඇති මූලික අයිතිවාසිකම් සහ 6 වැනි පරිච්ඡේදයේ ඇති රාජ්ය ප්රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් ඇති බවත් 3 වැනි පරිච්ඡේදයේ ඇති දේවල් පෙත්සම් තුළින් අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ හැකි වුවත් 6 වැනි පරිච්ඡේදයේ සඳහන් අයිතිවාසිකම් අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 6 වැනි පරිච්ඡේදයේ 14 වැනි ව්යවස්ථාව අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කර සුරක්ෂිත කර වැඩිදියුණු කළ යුතු බවට සඳහන් බවත් එම නිසා පාරිසරික අයිතිය, වන සතුන්ගේ වනජිවීන්ගේ පරිසරයේ වෘක්ෂලතාවල අයිතිය රටේ මූලික අයිතිවාසිකමක් විය යුතු බවත් එසේ නොවන්නේ නම් වනජීවීන්ට පරිසරයට වෘක්ෂලතාවලට සිදුවන දේවල් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බවත් යම් හෙයකින් වනජීවීන්, වෘක්ෂලතා සහ පරිසරය සම්බන්ධ කොටස් මූලික අයිතිවාසිකමක් වන්නේ නම් ඒවාට සිදුවන අගතීන් අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා මේ බව කියා සිටියේ අද විපක්ෂ නායක කාර්යාලයේ දී කාවන්තිස්ස මහ ඇතුගේ ඝාතනය සහ මේ නිසා ඇත් පරපුරට එල්ල වී ඇති තර්ජනය සම්බන්ධයෙන් පාර්ශ්වකරුවන් රැසක් සමඟ පැවැති සාකච්ඡාවකදීය. මෙහි දී කාවන්තිස්ස ඇතුගේ ඝාතනය ගැන සෙවීමටත් රටේ අලි සහ ඇතු පරපුර ඇතුළු සියලු වන සතුන් සහ ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් වනයට සතුන්ට ආදරය කරන සිවිල් සමාජ නියෝජිතයන් සහ සිවිල් පුරවැසියන්ගේ සහභාගීත්වයෙන් ‘කාවන්තිස්ස-ඇතුන් සුරැකීමේ සංවිධානය’ නමින් වෙනමම ප්රජා මූල සංවිධානයක් ද ආරම්භ කිරීමට කටයුතු කරන ලදි
මාධ්ය සංදර්ශන දාන වනජීවී සංරක්ෂණයක් අවශ්ය නැහැ රටට
වන ජිවී සංරක්ෂණ ක්ෂේත්රය තුළ පද්ධතිය තුළ බරපතළ ගැටලු රැසක් ඇති බවත් විද්යාත්මක සේවය, පශු වෛද්ය සේවය හා පරිපාලන සේවා 3 තුළ බරපතළ ඝට්ඨනයක් ඇති බවත් මේවාට විසඳුම් නොලැබීම නිසා පශු වෛද්යවරුන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්රියාමාර්ගයක නිරතවන බවත් කයිවාරුව රගපෑම් සෝබන පුවත්පත් සාකච්ඡාවලට සීමා වූ වනජිවී සංරක්ෂණයක් රටට අවශ්ය නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
වන ජීවී ක්ෂේත්රයේ ඇති ගැටලු විසදිය යුතුයි
ඊට අමතරව භෞතික හා මානව සම්පත් හිඟයක් ඇති බවත් පසුගිය කාලයේ සිවිල් ආරක්ෂක ක්ෂේත්රයේ 5000ක් සහ බහුකාර්ය ක්ෂේත්රයේ 3500ක් වනජිවි දෙපාර්තමේන්තුවට අනියුක්ත කළත් මේ 8500ටම පරිසර ක්ෂේත්රය ගැන හොඳ දැනුමක් දිය යුතු බවත් දශක ගණනක් වනජීවී දෙපාර්තමේන්තුවේ සේවය 1200ක් සිටින බවත් මේ ස්වේච්ඡ අය සේම කම්වරු ක්ෂේත්ර සහකාර නියාමක අඩවි සහකාර ආදීන් රැකියාව කරන්නෙ ආත්ම තෘප්තියකින් නොවන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
වන ජිවී ක්ෂේත්රය ගැන සිවිල් සමාජයේද උනන්දුව වැඩි කළ යුතුයි
සිවිල් සමාජයේ, වනජීවී ලෝලීන්ගේද යුතුකමක් මෙහි ඇති බවත් ඒ සඳහා ප්රායෝගික වැඩපිළිවෙළක් අවශ්ය බවත් අද වන විට ඇත් පරපුර ගැන විශාල උනන්දුවක් ඇති බවත් මෙරට හිටපු දිගම දළ ඇතා යනු වලස්ගමේ ඇතා බවත් මේ ඇතා ඡායාරූප ගත් කිහිප දෙනකු සිටින බවත් ඊට අමතරව යාල රාජා, පොඩි පූට්ටුවා, මහ පූට්ටුවා ආදී ඇත් පරම්පරා සිටි බවත් යාල ජාතික වනෝද්යානයේ පවා දැන් සිටින ඇතුන් ප්රමාණය අඩු බවත් ඇත් පරපුරේ අඩු වීමක් සේම මහත දළ ඇති ඇතුන් අඩු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
කාවන්තිස්ස ඇතාගේ ඝාතනයෙන් පසු හෝ මේ ඝාතන රැල්ල නැවැත්විය යුතුමයි
මේ කරුණු සියල්ල ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ ප්රශ්න කරන බවත් කාවන්තිස්ස ඇතාගේ ඝාතනය කළ බවත් මේ ඝාතන රැල්ල නතර කළ යුතු බවත් මේ ඝාතන රැල්ල නිර්මාණය වෙන්න ප්රධාන හේතුව වන්නේ අලි මිනිස් ගැටුම බවත් ඇත්තු අහිමි වූවාට පසු කතා කරනවා සේම දිගටම අලි ඇත්තු ගැන අවධානය යොමු කළ යුතු බවත් කෙටි කාලීන පියවරක් ලෙස ප්රධාන දැවැන්ත විශාල ප්රචලිත ඇතුන්ට වෙනමම බලකායක් ස්ථාපිත කර ආරක්ෂා කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය
කාවන්තිස්ස අපිට අහිමි වුවත් අනෙක් අලි ඇත් පරපුර රැක ගත යුතුයි
අපට කාවන්තිස්ස අහිමි වුවත් මහසෙන් අග්බො වැනි මහ ඇතුන් ආරක්ෂා කර ගත යුතු බවත් ඇතුන් ගැන සිවිල් ක්රියාකාරී ඡායාරූප ශිල්පීන්ට විශාල අවබෝධයක් ඇති බවත් මේ ඡායාරූප ශිල්පීන් හා වනජීවී දෙපාර්තමේන්තුව එකට එකතු වී මේ ඇත් සම්පත ආරක්ෂා කරන වෙනමම වැඩපිළිවෙළක් අවශ්ය බවත් ඊට අමතරව හඳුනාගත් සුවිශේෂ ඇතුන්ට ආරක්ෂාව ලබා දෙන්න වැඩපිළිවෙළක් අවශ්ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රටට ජාතික ඉඩම් පරිහරණ සැලසුමක් දැන්වත් සකස් කළ යුතුයි
දත්ත මත පදනම්ව මේ ඇතුන් සැරිසරන ප්රදේශ ගැන සෙවිය යුතු බවත් කරුවලගස්වැව, ආණමඩුව, තබ්බෝව, විලච්චිය, විල්පත්තුව, කහල්ල පල්ලෙකැලේ ආශ්රිතව විශාල ඇත් සහ අලි පරපුරක් සිටින බවත් මේ අලි එක තැනක කොටු කර තබා ගත නොහැකි නිසා අලි සංක්රමණය වන මාර්ග ආරක්ෂා කර ගැනීමට මෙරටට ඉඩම් පරිහරණ සැලසුමක් අවශ්ය බවත් මේ තුළින් අලින්ට වැදගත් රක්ෂිත අවබෝධ කර ගෙන කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
වන ජීවි දෙපාර්තමේන්තුව හා සිවිල් සමාජය ඒකාබද්ධ කරන වන සංරක්ෂණ වැඩපිළිවෙළක් කරා යා යුතුයි
දැන් වනජීවී දෙපාර්තමේන්තුවේ ඇතුළේ අර්බුධ ඇති නිසා මේවාට විසදුම් දිය යුතු බවත් එසේ නොමැතිව තිරසර පරිසර සංරක්ෂණයකට යා නොහැකි බවත් ඊට අමතරව සිවිල් සමාජ හොඳ අවධානය යොමු කර මේ සිදුවීම් වාර්තා කරන්න ප්රසිද්ධි වේදිකාවක් තිබිය යුතු බවත් මේ වේදිකාවලට තොරතුරු වාර්තා කරන විට දත්ත සාක්ෂි මත පදනම් විය යුතු බවත් මේ තොරතුරුවලට ප්රතිචාර දක්වන වන ජිවී හා රාජ්ය යාන්ත්රණයක් තිබිය යුතු බවත් එවිට සිවිල් සමාජය රාජ්ය අංශය එකට එකතු වී පොදු අරමුණක් කරා යා හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අලි ඇතුන්ට සිදුවන කරදර නැවැත්වීම සේම රෝගාතුර වූ පසු ප්රතිකාර ලබා දෙන විධිමත් වැඩපිළිවෙළක් අවශ්යයි
ජනතාවට ප්රතිලාභ ලැබෙන වන ජීවී සංරක්ෂණයක් කරා යා යුතු බවත් සතා සිවුපාවාගෙන් ජනතාට ප්රතිලාභ සේම ජනතාවගෙන් සතා සිවුපාවාට ප්රතිලාභ ලැබෙන ක්රමයක් කරා යා යුතු බවත් මෙය අමාරු දෙයක්වුවත් එය කළ යුතු බවත් මේ නිසා අලින්ට වෙඩි තැබීම හක්කපටස් ගැටලු සේම අලින්ට වස දීම වැනි දේවල් නතර කළ හැකි බවත් ඇතුන්ට සිදුවන කරදර නැවැත්වීම සේම ඇතුන් රෝගාතුරු වූ පසු ප්රතිකාර ලබා දෙන ක්රමවේදද සකස් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ව්යවස්ථාදායකයේ සහ විධායකයේ අඩු සැලකිල්ල කාවන්තිස්සට ලැබෙන්න ප්රධාන හේතුව සතුන්ට ඡන්දය නොමැති වීමයි
මේ කරුණුවලට අමතරව පාරිසරික දේශපාලනය ද වැදගත් බවත් ව්යවස්ථාදායකයේ විධායකයේ අඩු සැලකිල්ල කාවන්තිස්ස වැනි ඇතුන්ට පරිසරයට වෘක්ෂලතාවලට නොමැති වීමට හේතුව ඇතාට හා පරිසරයට ඡන්දය නොමැති වීම නිසා බවත් ව්යවස්ථාදායකයට සහ විධායකයට නිවැරදි බලපෑම් එල්ල කරන සාමූහික කණ්ඩායමක් ලෙස ජනතාව කටයුතු කළ යුතු බවත් එය පක්ෂ භේදයෙන් තොරව සිදුවිය යුතු බවත් දැන් වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත් ජාතික ආරක්ෂණ වැඩසටහනක් අවශ්ය බවත් සතා සිව්පාවාගේ නීතිමය අයිතිය වෙනුවෙන් වෙනමම නීති මණ්ඩලයක් ස්ථාපිත විය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
කාවන්තිස්ස මහ ඇතුගේ ඝාතනය ගැන දේශීය හා විදේශීය පරීක්ෂණයක් සිදු කළ යුතුයි
කාවන්තිස්ස මහ ඇතාගේ ඝාතනය ගැන පුළුල් පරීක්ෂණය දේශීය හා විදේශීයව සිදුවිය යුතු බවත් කාවන්තිස්ස ඇතාගේ ලේ වාර්තා, පශ්චාත් මරණ වාර්තා, ප්රතිකාර කරන්න දවසේ සිට ගත් පියවර හා සම්බන්ධ වූ අය ගැන තොරතුරු පාර්ලිමේන්තුවේදී ලබා ගන්නා බවත් දේශපාලන දෘෂ්ටිකෝණයක් නොව යම් අරමුණක් මත පදනම්ව මේ කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
පරිසරය අධ්යාපනය අනිවාර්ය කර මෙවැනි හදිසි තත්ත්වයන්ට මුහුණ දෙන්න ක්ෂණික විහිදුම් බලකායක් ස්ථාපිත විය යුතුයි
පාසල් අධ්යාපනයට පරිසර අධ්යාපනය අනිවාර්ය විෂයක් විය යුතු බවත් ඊට අමතරව මෙවැනි හදිසි තත්ත්වයක් මත ක්ෂණික විහිදුම් බලකායක් ස්ථාපිත කළ යුතු බවත් භාතිය තේක්ක රාජා සහ කාවන්තිස්ස ආදී ඇතුන් ඝාතනය කිරීම ගැන තොරතුරු සෙවිය යුතු බවත් කාවන්තිස්සට වෙඩි තැබීම සහ ප්රතිකාර ක්රමවේද ආදිය ගැන සෙවිය යුතු බවත් සියලු කරුණු ගැන සත්ය කරුනු අනාවරණය කර ගෙන කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ඇතුන් වෙනුවෙන් වෙනමම රෝහලක් අවශ්යයි
හදිසි ප්රතිචාර කණ්ඩායම සේම ඇතුන් වෙනුවෙන් වෙනමම රෝහලක් තිබිය යුතු බවත් ඇතුන් සංරක්ෂණය වෙනුවෙන් වෙනමම බලකායක් ස්ථාපිත කළ යුතු බවත් ආචාර ධර්ම පද්ධති සේම අධ්යක්ෂ ජනරාල්වරයාගේ බලතල ගැනත් සොයා බැලිය යුතු බවත් පැරණි කාලයේ සිට අද දක්වා ඇත් පරපුර ගැන දත්ත පද්ධතියක් සකස් කළ යුතු බවත් වනජිවි දෙපාර්තමේන්තුවට වඩා ඇතුන්ට ආදරය කරන ඡායාරූප ශිල්පීන් ළග සුවිශාල දත්ත පද්ධතියක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
කුඩු ජාවාරම නවත්වනවා සේම ඇතුන් මරණ ඝාතන රැල්ලත් නැවැත්විය යුතුයි
කාවන්තිස්සගේ ඝාතනය යනු ඇතුන් ඝාතනය කරන ඝාතන රැල්ලක කොටසක් නිසා මෙය නතර කළ යුතු බවත් ඒ සඳහා රටේ නීති පද්ධතිය ශක්තිමත් කළ යුතු බවත් කුඩු ව්යාපාරය නැති කරනවා සේම අලි ඇත්තු ඝාතනය කරන පිරිස නැති කර දමන්න තදබල නීති ස්ථාපිත කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ඇත් පරපුර සහ පරිසර සංරක්ෂණය ගැන යෝජනා ඇත්නම් දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදයට ඉදිරිපත් කරන්න
දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සමසභාපතිවරයකු ලෙස තමා ද මේ සංසදය තුළ ඇත් පරපුර සුරක්ෂා කිරීමට විනාඩි 45ක කාලයක් වෙන් කරන බවත් මේ ගැටලු ඒ සංසදයට ද ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින බවත් මේ තුළ ඇත් පරපුර මුහුණ දෙන ගැටලු ආදිය සේම ඇතුන්ට තුවාල වීම් ආදිය ගැන ලිඛිතව හෝ වාචිකව සාක්ෂි මත පදනම්ව තොරතුරු ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දි ආරාධනා කළේය.

