ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලෙන් නවලෝක රෝහලට

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ කොළඹ නවලෝක පෞද්ගලික රෝහලට මාරුකර යවා තිබේ.

වෛද්‍යවරුන්ගේ උපදෙස් මත මෙසේ ඇයව මාරුකර යවා ඇති බව සඳහන්.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවට අයත් රුපියල් මිලියන 10ක මුදල සිරිලිය සවිය සංවිධානයට ලබාගෙන සාවද්‍ය පරිහණය කිරීමේ චෝදනාව මත ශිරන්ති රාජපක්ෂව පසුගිය 07 වනදා අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගන්නා ලද අතර එදිනම ඇයව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. එහිදී ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් ඇයව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර පසුගිය 16 වනදා ඇයව ඇප මත මුදාහරින ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලංගොඩ කස්සප හිමිට කිසිම පහර දීමක් වෙලා නැහැ.චෝදනා අසත්‍යයි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

කොළඹ LNW:විහාර මහාදේවි උද්‍යානයේදී පය ලිස්සා වැටීම හේතුවෙන් ඊයේ...

අග්බෝට කරදරයක්ද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ...

සිසුන්ගේ අධ්‍යාපනික බර ලිහිල් කිරීමට සැරසෙන අගමැති හරිනි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ අධ්‍යාපන...

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ කාන්තා වීරවරියන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකේය අභිමානය රැගෙන යන මානෙල් ජයසිංහ

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ කාන්තා වීරවරියන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකේය අභිමානය රැගෙන යන මානෙල් ජයසිංහ