රුසියාවෙන් තිරිඟු ඇට හා තිරිඟු පිටි ආනයනය කිරීමට සාකච්ඡාවක්

Date:

රුසියාවෙන් මෙරටට තිරිඟු ඇට සහ තිරිඟු පිටි ආනයනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා පැවැත්වී තිබේ.

ඒ, වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා හා රුසියාවේ‍ වෙළෙඳ හා කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ඊවානව්‍ මිකේහෙල් (Ivanov Mikhail) මහතා මොස්කව්‍ නුවරදී පසුගියදා හමුවූ අවස්ථාවේදී ය.

එහිදී රුසියාවෙන් තිරිඟු ඇට හා තිරිඟු පිටි ආනයනය කිරීම මෙන්ම, දැනට රටට අවශ්‍ය පොහොර ආනයනය කිරීම සහ රාජ්‍ය වාණිජ විවිධ නිතීගත සංස්ථාව (STC) හරහා රසායන ද්‍රව්‍ය ආනයනය කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇත.

මෙම හමුවට අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා, වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ අතිරේක ලේකම්‍ ඩි. ජීවනාදන් මහතා හා රුසියානු වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...