එකම විකල්පයත් විසඳුමත් සමගි ජන බලවේගය පමණයි ! – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

මේ රට ගොඩනැඟීම උදෙසා ඇත්තේ එකම එක විකල්පයක් බවත් එයින් තොර ගමනක් හෝ අනාගතයක් නැති බවත්, එය සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පඬුවස්නුවර දී පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ පසුගිය 15 වනදා පැවති සමගි ජන බලවේගයේ පඬුවස්නුවර ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනි.

උනුත් එකයි මුනුත් එකයි යනුවෙන් ප්‍රකාශ නිකුත් කරන ඇතැමුන් තමන් ඉතා පිරිසිදු යැයි කීමට උත්සාහ කරන නමුත්, ඔවුන්ම සුනාමි හොරකමට සම්බන්ධ පුද්ගලයකු ජනාධිපති ධුරයට පත් කළ බවත්, විවිධ අවස්ථාවල ආණ්ඩුවලට එක්වෙමින් ඇමති තනතුරු දැරු බවත් ඔවුන් අමතක කරන බවත් ඒ මහතා සිහිපත් කළේය.

ඉතිහාසයේ කිසිදු විපක්ෂ සිදු සිදුනොකළ මට්ටමින් රටට අගයක් එකතු කිරීමේ කටයුත්ත විපක්ෂයේ හිඳිමින් පවා සමගි ජන බලවේගය ඉටුකොට ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා සක්වල හා හුස්ම හරහා දැවැන්ත මෙහෙවරක් ඉටු කොට ඇති බවත් මිලියන 165ක බස්රථ පවා පාසල්වලට පරිත්‍යාග කොට ඇති බවත් පෙන්වා දුන්නේය.

එදා සිට තමන් කළ කී සියල්ල සත්‍ය වී ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා එදා තමන් මේ දේවල් ප්‍රකාශ කරන විට සිනාසුනු උදවියම අද ඒ දේවල් අනුමත කරමින් ප්‍රකාශ නිකුත් කිරීම හාස්‍යයක් යැයිද පැවසීය.

මේ පවත්නා විකෘතියෙන් රට ගොඩනැගීම උදෙසා කළ යුතු එකම දෙය වන්නේ වහාම අලුත් ජනවරමකින් නව ආණ්ඩුවක් පත් කිරීම බව එදා තමන් ප්‍රකාශ කරන විට තමාගේ මොළය පරීක්ෂා කළ යුතු යැයි ඇතැමුන් ප්‍රකාශ කළ බවත් අද ඔවුන්ම මැතිවරණයක් ඉල්ලා හඬා වැලපෙමින් සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

මර්දනයෙන් තර්ජනයෙන් මේ රටේ ජනතාව පාලනය කිරීමට ආණ්ඩුව උත්සාහ කරන බව පැවසූ විපක්ෂ නායකවරයා ඊට සමගි ජන බලවේගය ඉඩනොදෙන බව ද පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදේශ සංචාර චෝදනා ගැන හිටපු ජනපති රනිල්ගෙන් නිවේදනයක්

2023 සැප්තැම්බර් මාසයේදී රනිල් වික්‍රමසිංහ මහතා වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ කළ...

උතුරේ ඉඩම් අක්කර 5941ක් රජයට පවරා ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් !

උතුරු පළාතේ පිහිටි, හිමිකම් ප්‍රකාශ කර නොමැති ඉඩම් අක්කර...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 28) දිනයේදී බස්නාහිර, සබරගමුව...

ශානි අබේසේකර යළි CID අධ්‍යක්ෂ තනතුරට ?

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා...