රජය විසින් ජනයා මත බදු පැනවීමේදී මූලික වශයෙන් අනුගමනය කරන බදු ක්‍රම දෙකකි. එකක් ඝෘජු බදුවන අතර අනෙක වක්‍රබදුවේ.
මෙහිදී වක්‍ර බදු යනු අඩු ආදායම් ලාබී ජනතාව අපහසු තාවයට පත් කෙරෙන පීඩාකරී බදු ප්‍රතිපත්තියකි.
වක්‍ර බදු පැනවෙන්නේ බාන්ඩ මතටය. මෙහිදී වක්‍ර බදු ගෙවිය යුත්තේ මිලදී ගැනීමේ පරිදියේ සිටින පාරිභෝගිකයන්ය.
මෙහිදී සිදුවන අසාධාරණය නම් පරිප්පු කිලෝවකට එකතුවෙන රුපියල් තිහක බද්දක් දිනක ආදායම රුපියල් විසිදාහක් වන පුත්ගලයාටද දිනක ආදායම රුපියල් දාහක් වන පුත්ගලයාටද එක සමාන වන්නේ නැති වීමය. දිනක ආදායම විසිදාහක් වන පුත්ගලයාට එය ඔහුගේ ආදායමෙන් සීයට දසම ගානකටත් අඩුවන අතර දිනක ආදායම රුපියල් දාහක් වන පුත්ගලයාට එය ඔහුගේ ආදායමෙන් සීයට තුනක් පමණ වේ…
නමුත් ලංකාවේ ඝෘජු බදුවලට හසුවන පුත්ගලයන් සිටියේ ආන්ඩුවලට ඝෘජුවම බලපෑම් කලහැකි ශක්තිමත් තැන්වලය. එසේ හෙයින් ලංකාවේ බදු ප්‍රතිපත්තිය සකස් උනේම හඬක් නැති මිනිසුන් මතට ගෙඩි පිටින් පැනවූ වක්‍ර බදු හරහාය.
මැති ඇමතිවරු නඩත්තු වන්නේ ජනතාවගේ බදු ආදායමෙන් යැයි පැවසෙන ජනප්‍රිය කතිකාවතක් ලංකාවේ පැවතුනද ඇත්තෙන්ම ඊටත් වඩා ලක්ෂ දාසයක් පමණ පිරිසක් සිටින රාජ්‍ය අංශයේ වැටුප්ද, රෝහල්, අධ්‍යාපන, දිළිඳු සහන යන මේ අති දැවැන්ත සියළු සුබසාධනය නඩත්තු වන්නේ රාජ්‍ය බදු ආදායම හරහාය.
මහා ආර්ථික අර්බූධයක් තිබියදී පවා දේශපාලකයන් විසින් හිතේ හැටියට අමාත්‍ය දූර බෙදාගනිමින් සහ රාජ්‍ය ධනය හිතේ හැටියට ගසාකමින් සිටින බව සත්‍ය වන නමුත් ඊට එරෙහි අරගලය ඇත්තේ වෙනම තලයකය. එය සහ ඝෘජු බදු පනත් සමඟ පටලවාගත යුතු නැත. ඝෘජු බදු ගැසුවද නොගැසුවද පාලකයින්ගේ බෙදාගැනිලි නතර වන්නේ නැත.
රාජ්‍ය බදු ආදායම නොලැබීමෙන් පලමුව ඇදවැටෙන්නේ මහජන සුබසාධනයයි.
රටක බදු ආදායම සහ සමාජ සුබසාධනය අතර ඇත්තේ අනුලෝම සඹඳතාවයකි. රටක සුබසාධන ක්ෂේත්‍රය ඊට අවශ්‍ය පිරිවැය නොමැතිව බිඳවැටෙමින් පවතීනම් ඒ සඳහා ඇති පිලිතුරද බදු අදායම ප්‍රතිසංස්කරණය කිරීමය. නැතහොත් සුබසාධනය වෙනුවෙන් විදේශ ණය ලබාගැනීමය. මේ මොහොතේ විදේශ ණය ලබාගත හැකි පරිසරයක්ද නැත.
එසේම මෙවන් තත්වයක් තුල වක්‍ර බදු වැඩිකිරීමෙන් වන්නේද රැකියා අහිමිව කිසිදු ආදායමක් නැති ප්‍රජාව කබලෙන් ලිපට වැටීමය. උක්ත තත්වය තුල ඉතිරිව ඇති එකම මාවත ඝෘජු බදු පමණි.
නව ඝෘජු බදු පනතේ රනිල්ගේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ උඩ ඉන්න අයට බදු ගහලා පහලට සහනදී සාගත කැරළි වලින් පාලකයින්ට අවශ්‍ය ආරක්ෂාව සලසාගන්නා උපායමාර්ගයක් ලෙස විය හැකිය.
නමුත් මෙහිදී අප විසින් තත්වය විශ්ලේෂණය කරගත යුත්තේ දියේ ගිලෙමින් සිටින පහල තලයේ මිනිසුන්ට මෙය අදාලවන්නේ කෙසේදැයි සොයාබැලීමෙනි..
එසේ නොමැතිව රොමෑන්ටික් විප්ලවීය තත්වයක් ගැන සිතමින් මිනිසුන් කබලෙන් ලිපට වැටෙනතුරු බලාසිටීමෙන් නොවේ.
විශේෂයෙන්ම මෙහිදී රාජ්‍ය සේවයේ ලක්ෂගනන් වැටුප් සහ වරප්‍රසාද ලබන විධායක ශ්‍රේනියේ නිලධාරීන්ද මේ බදු ගෙවීමට යටත්කල යුතුමය. මන්ද වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ්ඥ වෘතිකයන් බිහිකිරීමට මහජන බදු මුදල් මෙතෙක් ප්‍රකෝටිගානක් වැයවී ඇත. කෝටි ගනන් මහජන මුදල් දියකර සමාජයේ ඉහලම තැන්වලට ගොඩ උන මේ මහත්වරුන් මේ අසීරුම මොහොතේ මහජන සුබසාධනය වෙනුවෙන් පෙරලා බදුගෙවීම ඔවුන්ගේ වගකීමක් මෙන්ම යුතුකමක්ද වන්නේය.
රාජකාරියට පිටින් සිදුවන චැනල් වෛද්‍ය ගාස්තු, නීතිඥ ගාස්තු වැනි විගණනයට හසුනොවන පීඩිතයන් තලා උද්දරනය කරගන්නා විශාල වෙනත් ආදායම් මාර්ගද ඔවුන් සතුව ඇතිබවද අතුරු කරුනක් ලෙස මෙහිදී සඳහන් කරමි..
එසේම රාජ්‍ය අංශයේ වෛද්‍ය,ඉංජිනේරු,ආචාර්ය,මහාචාර්යවරුන්ගේ වැටුප් වැඩිවූයේද පලදායීතාවය ගණනය කිරීමෙන් නොව ප්‍රබල වෘතීය ක්‍රියාමාර්ග හරහා බැවින් එහි ආර්ථික අනර්ථය දැන් හෝ ගණනය කිරීමට කාලය එළඹ ඇතැයි සිතමි.
එක් පැත්තකින් ලංකාව හිටිහැටියේම මෙවන් ආර්ථික අර්බූදයකට ඇද වැටීමට හේතුවූ ප්‍රධානම කරුණක් නම් මහා පරිමාණයෙන් රජයට අයවිය යුතුව තිබූ ඝෘජු බදු නොලැබීයාම බව අප විසින් මෙහිදී අමතක නොකල යුතු කරුණකි.
එසේම විදිමත් බදු අයකර ගැනීමේ යාන්ත්‍රනයක් සහ නිවැරදි බදු වාර්තා හා විගණයක් රජය සතුව නොමැති හේතුවෙන් කෝටිපති ව්‍යාපාරික ජවාරම් කරුවන් හා නිලධාරීන් අතර සිදුවන අයතා ගනුදෙනු නිසා ජාවාරම්කාර තෝරුන් මෝරුන් බදු දැලෙන් රිංගායන බවද ප්‍රසිද්ධ රහසකි..
සියල්ලට පෙර බදු අයකර ගැනීමේදී විනිවිද පෙනෙන විගණන තාක්ෂණයක් නොමැතිව මොන පනත ගෙනාවත් පලක් නොවන බවද සඳහන් කල යුතුව ඇත.
රජය ඉදිරිපත් කරන නව බදු පනත මගින් රුපියල් ලක්ෂයකට වැඩි අදායම් ලබන අය මත සීයට හයක බද්දක් නිර්දේශ කර ඇත. (ලක්ෂයක ආදායමක් ලබන්නන් පවා බද්දෙන් නිදහස්කර ඇත)
ලංකාවේ ආදායම් බෙදීයාමේ පවතින ධරුණු විෂමතාවයට අනුව මේ බද්දට හසුවන්නේ මුළු ජනගහනයෙන් සීයට පහලවක් වැනි පිරිසකි. ලංකාවේ වමේ කන්ඩායම් ද මේ බදු ප්‍රතිපත්තිට එරෙහිව ස්වකීය හඬ අවදිකර ඇතිබව පෙනෙන්නට ඇතත් වම කලින් කතාකල “සාදුකින් පෙලෙනවුන්” හෝ “හිතට සෝගිනි බඩට සාගිනි ඉනට වැරහැළි” හැඳගත් පිරිස මේ බදු පනතට හසුවන්නේ නැත. මේ පනතට හසුවන්නේ බොහෝ විට ඉහල ආදායම් ලබන මධ්‍යම පාන්තික කොටස්ය..
මාක්ස් පැවසූයේද මධ්‍යම පන්තිය යනු ඉතිහාසයේ අහෝසිවී යෑමට නියමිත පන්තියක් බවත් අර්බූදය උත්සන්න වනවිට මධ්‍යම පන්තිය කම්කරු පන්තියට ඇදවැටී දියවීයන බවත්ය.
මෙහිදී වමේ පක්ෂ කල යුත්තේ කම්කරු පන්තියට ඇදවැටෙන්නට නියමිත මධ්‍යම පන්තියට ජැක් ගසා නවත්වාගැනීම නොවේ.
වම මෙහිදී සොයා බැලිය යුත්තේ මධ්‍යම පන්තියට ගහන බද්දක් ගැන නොව සියළු සුබසාධන බිඳවැටෙමින් සහ සියළු ජීවන කොන්දේසි අහෝසි වෙමින් දියේ ගිලෙමින් සිටින පීඩිත පන්තිය ගැන සොයාබැලීමය..
අරගලය තුල සිටි දමිතලා රැට්ටලා වැනි අරගල ස්ටාර්ලා අයත්වන්නේ මධ්‍යම පන්තියට බැවින් අරගලය තුලින් ඝෘජු බදු විරෝධී සටන් පාඨ මතුවිය හැකිය..
නමුත් පොදු ආකර්ෂණය දිනාගැනීමට වම්මුන් ඒ සටන් පාඨවල දියවී යෑම අපට විග්‍රහ කරගන්ට වෙන්නෙ මේ වමේ පක්ෂවලට බිමේ දරදිය අදින පීඩිත සාමාජිකයන්ගේ සහ පොදු පීඩිත ජනයාගේ උරය මතට ඔවුන් විසින් කරන පැහැරීමක් ලෙසය.
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
RN