චාමික, ඇෆ්ගනිස්තානය පරාජය කර ආසියාව දිනුවා කියන ජනප්‍රිය කතාවෙන් ගැඹුරට යයි

Date:

චාමික කරුණාරත්න අද පැවත්වෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ තරගයට පෙර මාධ්‍ය අමතමින් ඇෆ්ගනිස්තානයට පළමු තරගය පරාජය වී ඉන් අනතුරුව ආසියානු කුසලානය දිනීමේ කතාවෙන් නැමීබියා පරාජය කුඩා කර ගැනීමේ කතාවෙන් බැහැර වෙනස් අදහසක් දැක්වීය.මාධය විසින් එම ජනප්‍රිය කතාව උඩට ගනිද්දී චාමික පැවසුවේ එය ඉතිහාසයට එකතු වූ කාරණයක් බවය.
“විවිධ ස්ථාන, විවිධ තත්වයන් සහ විවිධ රටවල්.”

ඔහු ක්‍රීඩාවේ අභියෝගයන් වෙනස්වීම මෙන්ම එහි ගැඹුර සම්බන්ධයෙන්ද සරලව අවධාරණය කළේය.
“පිටියත් ගොඩක් වෙනස්. එක පැත්තක් උනත් 57යි, එක පැත්තක් 55යි, දිග කෙලින්. ගොඩක් දේවල් වෙනස්,
චාමික ඒ විවිධත්වය නැමිබියා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම හමුවට පැමිණි ආකාරය පිටයේ ආකෘතියෙන් තව දුරටත් පැහැදිළි කළේය.ඇත්තටම ශ්‍රී ලංකාව කියවා නොගත් ඒ හැඩයේ ස්වභාවය නැමීබියාව හොඳින්ම අධ්‍යයනය කර තිබුණු බව විශේෂයෙන් ඔවුන් පන්දුවට පහර දෙන විට සහතික කළේය.එසේම ඒ කුඩා දිග ප්‍රමාණයන් භාවිතයට ගත නොහැකි අයුරෙන් ඔවුන් ශ්‍රී ලංකා පිතිකරුවන් පහරදීමට යොමු කළේය.
“අපිට ඕනම කණ්ඩායමක් පරාජය කරන්න පුළුවන්.”

චාමික තවමත් ඉන්නේ කණ්ඩායම සම්බන්ධයෙන් තදබල විශ්වාසයකින්ය.
“ අපට ප්‍රහාරාත්මක පිතිකරුවන් ඇත, තරගයක් පාලනය කළ හැකි ක්‍රීඩකයින් ඇත, ඕනෑඹ විදිහකට මුහුණ දෙන්න සුදුසු, ශක්තිමත් සහ කල්පනාකාරී වූත්, උපායශීලී වූත් පිරිස අප සතුය.ඉතිං සියල්ලන්ම අප සතුව ඇත.”කණ්ඩායමේ විවිධත්වය සහ ඊට අදාළ ශක්තිය ගැන කරුණු පහදමින් චාමික අවධාරණය කළේය.
අද ශ්‍රී ලංකාවේ දෙවන තරගයයි.ප්‍රතිවාදියා වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...