අලුත් සංකල්පයකින් එජාපය ගමට ගෙනයන වැඩසටහන 21 ආරම්භ කරනවා – හරීන්

Date:

එක්සත් ජාතික පක්ෂය අලුත් සංකල්පයකින් අලුත්ම ගමනක් ආරම්භ කිරීමේ වැඩපිළිවෙල ඔක්තෝබර් 21 වෙනිදා පැවැත්වෙන එජාප විශේෂ සම්මේලනයේදී එළිදක්වන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

“එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනයක් 21 වෙනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සවස 3.00 ට පවත්වන්නට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. මේකෙ විශේෂ අරමුණ වෙලා තියෙන්නෙ එක්සත් ජාතික පක්ෂය නැවත වතාවක් රීබ්‍රෑන්ඩ් කරන්න, එහෙම නැත්නම් රීලෝන්ච් කරන්න. එජාපය අලුත් විදියට හිතන, අලුත් වූ සංකල්පයකින් එජාපය ගමට ගෙනියන වැඩපිළිවෙලේ සමාරම්භක උළෙලක් විදියට තමයි විශේෂ සම්මේලනයක් එක්ක, පක්ෂ ව්‍යවස්ථාවත් ඉදිරියට වෙනස් කරන්න, ඒ සියලු කටයුතුත් එක්ක ලබන 21 වෙනිදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ කටයුත්ත ආරම්භ කරන්න සූදානම් කරලා තියෙනවා. පක්ෂයේ ව්‍යවස්ථාව ඉතාමත්ම පැරණි ව්‍යවස්ථාවක් තියෙන්නෙ, ඒ ව්‍යවස්ථාව වෙනස් කිරීමත් අලුත් වූ සංකල්පයකින් අලුත් වූ ගමනක් ආරම්භ කරන්නට ඔක්තෝබර් 21 වෙනිදා අපි කටයුතු සූදානම් කරලා තියෙනවා.

මේක තියන්න තිබුණේ සැප්තැම්බර් මාසයේදී, නමුත් අධික වර්ෂාවත් නොයෙකුත් කරදරත් නිසා මේකට පොඩ්ඩක් කල්ගත්තා. මේක එළිමහන් ක්‍රීඩාංගණයක නොගන්නෙත් මේ වර්ෂාව නිසා. ඉදිරියේදී ජනාධිපතිවරණයේ ලෝන්ච් එකත් එක්කම එක්සත් ජාතික පක්ෂයේ නව සූදානම සහ නව වැඩපිළිවෙල අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අලුත් කණ්ඩායමකට, අලුත්, වෘත්තීයමය, තරුණ, දේශපාලනයට කැමති පිරිසකට එක්සත් ජාතික පක්ෂය ඇතුළට එන්න අවස්ථාව දෙන්න තමයි අපි කළමනාකරණ කමිටුවේදී තීරණය කළේ. ඒ අනුව සියලු දෙනා මේකට ඒකමතිකව සම්බන්ධ වෙනවා. නමුත් මම දැක්කා ඇතැම් මාධ්‍යවල තනතුරුවල අර්බුදයක් වගේ පෙන්වන්න හදලා තිබුණා. එහෙම කිසිම තනතුරුවල අර්බුදයක් නෑ. අපේ කළමනාකරණ කමිටුවේ හත්දෙනාම ඒකමතිකව, තනතුරු කෙසේවෙතත් වැඩකරන්නට අනුමැතියක් ලබාදුන්නා එදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබුණු රැස්වීමේදී”

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ ඊයේ (17) සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...