*
Friday, May 17, 2024
spot_img

Latest Posts

මළ ගිය නැත්තෝ ….

“අපි ඇයට ෆර්නැන්ඩා කියා කියමු. ෆර්නැන්ඩා අපට හමු වන්නේ ඇමරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ බේස්ටේට් වෛද්‍ය මධ්‍යස්ථානයේ දැඩි සත්කාර ඒකකයේ බී කුටියෙන්.

ෆර්නැන්ඩා පෘතුගීසි සම්භවයක් ඇති, වයස අවුරුදු පනස් හතක කාන්තාවක්. ඇඳ ඇතිරිල්ල මත කැපී පෙනෙන ඔලිව් පැහැති ඇගේ නිරෝගී සම දෙස බැලු විට දැකිය හැක්කේ මේ දැන් සාප්පු සවාරියක් ගොස් පැමිණි කාන්තාවකගේ පෙනුමක්. එහි දුකක හෝ වේදනාවක කිසිදු සලකුණක් පෙනෙන්නට නැහැ. පියැවී ඇති ඇගේ දෑස් වලට උඩින් දැකිය හැක්කේ කළු, ඝන ඇහි බැමි දෙකක්. තැනින් තැන පැසී ඇති කැරලි ගැසුණු කළු කොණ්ඩය මනාව සකස් කර තිබෙනවා. පාද පියකරුයි. මුහුණේ තිබෙන්නේ නිස්කලංක පෙනුමක්. සාමාන්‍ය මිනිසෙකු හුස්ම ගන්නා විට දැකිය හැකි රිද්මයෙන්ම ඇගේ පපුව උස් පහත් වෙනවා. ඈ හරියටම සුරංගනා කතා වල සිටින මායාකාරියක විසින් නින්දට යවා ඇති අයෙකු වගෙයි. ඇගේ පෙනුම මගේ පෙනුමට වඩා හොඳයි.

වෛද්‍ය සිසුන් හා සීමාවාසික පුහුණුව ලබන්නන් ඇතුළු අප කණ්ඩායම බලා සිටින්නේ වෛද්‍ය තෝමස් හිගින්ස් විසින් ෆර්නැන්ඩාගේ මොළය මිය ගොස් ඇති බව නිවේදනය කරන තුරුයි. කාර්යාල පරිශ්‍රයේ බිම වැටී සිටියදී ඇගේ කාර්යාල සගයින්ට ඇයව හමු වෙනවා. ඔවුන් ඇගේ මුහුණට වතුර ගැසුවත් එය ආඝාතයට පිළියමක් නෙමෙයි. වෛද්‍ය හිගින්ස්ට අනුව, ඇයට කුඩා හිසරදයක් හැදී ඒ එක්කම වගේ සිහි විසංඥව යන්න ඇති. බේස්ටේට් වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන්ට අනුව ඇය නැවත යථා තත්ත්වයට පත් වීමේ ඉඩක් නැහැ. මොළය මිය යාම තහවුරු කරන කණ්ඩායම පැමිණ තිබෙන්නේ මේ බව නිල වශයෙන් තීරණය කිරීමටයි.

විදුලි පන්දමක් හා අයිස් වතුර ආදිය යොදාගෙන ඇගේ ප්‍රතිචාර දැක්වීම් නිරීක්ෂණය කිරීම පිණිස සරල පරීක්ෂාවන් කිහිපයක් කරනු ලබනවා. ඇස් වලට විදුලි පන්දම් එළිය. කන් වලට අයිස් වතුර. ඉන් පසුව ඔලුව දෙපසට හරවා බලනවා. මෙසේ කිරීමෙන් පසුව ඇයව වෙන්ටිලේටරයෙන් ගලවා ඇයට තනිව හුස්ම ගත නොහැකි බව තහවුරු කර ගැනෙනවා.

අක්ෂි වෛද්‍යවරයෙකු විසින් ඇස් පරීක්ෂා කිරීම සඳහා ගන්නා කාලයට වඩා අඩු කාලයක් තුළ ෆර්නැන්ඩාගේ මොළය මිය ගොස් ඇති බව තීරණය කෙරෙනවා. ඒ අනුව, එතෙක් නීතිය අනුව ජීවත් වන පුද්ගලයෙකු වූ ඇය නීතිය අනුව මිය ගිය අයෙකු වෙනවා. හදවත නැවතුනු අයෙකු නීතිය අනුව මිය යාම සහ මෙම මරණය අතර නීතිමය වෙනසක් නැහැ.

ඒ එක්කම ඇයගේ “මිය ගිය” සිරුර නැවත වෙන්ටිලේටරයට සම්බන්ධ කෙරෙනවා. ඒ වෙනත් කිහිප දෙනෙකුට බද්ධ කිරීම සඳහා ඇගේ සිරුරේ අවයව නිරෝගීව තබා ගැනීමටයි. ඇගේ හෘදය නැවතත් පෙර මෙන්ම හොඳින් ස්පන්දනය වෙනවා. පෙනහළු පෙර මෙන්ම ක්‍රියාත්මක වෙනවා. මේ වන විට මිය ගොස් සිටියත් ටික වෙලාවකට පෙර “පණ පිටින්” රෝහල් ඇඳ මත සිටි ෆර්නැන්ඩා සහ දැන් එහි “මිය ගොස්” සිටින ෆර්නැන්ඩා අතර කිසිම වෙනසක් නැහැ. ඈ මිය යාම භෞතික වෙනසකට වඩා සම්මුතියක්.”

ඉහත කොටස ඩික් ටෙරසිගේ “මළ ගිය නැත්තෝ (The Undead)” පොතේ පූර්විකාවෙන්. මේ පූර්විකාවෙන් පටන් ගන්නා ජීවිතය හා මරණය පිළිබඳ සාකච්ඡාව පරිච්ඡේද ගණනක් දිගට ඇදී යනවා. එය වෛද්‍ය විද්‍යාව, නීතිය, දර්ශනය, සංස්කෘතිය ආදී මාන ගණනාවක් පිළිබඳ සාකච්ඡාවක්.

“මරණය නියතයි” කියන එක ලංකාවේ ගොඩක් අයට පුරුදු පාඨයක්. ඇත්තටම මරණය නියතද? මරණය කියා නියත, නිශ්චිත අවස්ථාවක් තිබෙනවාද? එහෙමත් නැත්නම් මරණය කියා කියන්නෙත් සාපේක්ෂ සමාජ සම්මතයක් පමණක්ද?

මරණය ගැන වැඩි වැඩියෙන් දැන ගනිද්දී වැඩි වැඩියෙන් පෙනෙන්නේ මරණය ගැන අපේ නොදැනුමයි. ජීවිතය හා මරණය අතර බෙදුම් ඉර සම්මතයක් මිසක් භෞතික වෙනසක් නෙමෙයි. එය පැහැදිලිව පෙනෙන්නේ එවැනි ඉරක් හොයා ගෙන ජීවිතය හා මරණය අතර සීමාව වෙත යන තරමටයි. තාක්ෂනය නිසා මේ ඉර කාලයක් තිස්සේ ජීවිතය පැත්තට ක්‍රමක්‍රමයෙන් තල්ලු වී ඇතත් ජීවිතය හා මරණය අතර වෙනස තනි ඉරකින් වෙන් කළ නොහැකි බව කාලයත් සමඟ වෙනස් වී නැහැ.

පුද්ගලයෙකු මිය යාම කියා කියන්නේ සමාජ සම්මතයක් පමණයි. උපත වගේම තමයි. සම්මුතියක් නැත්නම් මිනිසෙකු උපදින හෝ මිය යන නිශ්චිත මොහොතක්ද නැහැ. කවුරු හෝ අයෙකු ජීවත් වන්නෙකු විය යුතුද නැත්නම් මිය ගිය අයෙකු විය යුතුද කියන එක තීරණය කරන්නේ වෙනත් අයයි. ඉතිහාසය පුරාම සිදු වුනෙත්, දැන් වෙන්නෙත් එයයි. වෙනත් කරුණු අතර ආර්ථික කරුණුද මෙම තීරණය කෙරෙහි විශාල ලෙස බලපානවා.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan